එසේ වුවහොත් රටේ අනාගතය භාර ගැනීමට සිටින දරුවන්ගේ මානසිකත්වය කඩා වැටෙන බවද ඇය අවධාරණය කළාය.
පළාත් අධ්‍යාපන බලධාරින් සමග (14) පෙරවරුවේ ත්‍රිකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේදි පැවති විශේෂ හමුවකදී ඇය මේ බව කියා සිටියාය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේද පැවසුවාය.
“ලබන 21 වෙනිදා අපේ පළාතේ ප්‍රාථමික පාසල් 567ක් යළි ආරම්භ කිරීම සඳහා සියළු කටයුතු සූදානම් කරලා තියෙනවා.බොහෝ කාලයක් නිවාස තුළට වෙලා හිටිය දරුවන්ට දැන් පාසල අමතක වෙලා. අපි ඉස්සර වෙලාම කරන්න ඕනේ දරුවන්ට ඉගෙන ගැනිමට සුදුසු මානසිකත්වය හදන එක. පළවෙනි සති දෙකේ කිසිම කෙනෙක් දරුවන්ගේ නිළ ඇදුම ගැන හිතන්න එපා. එය අනිවාර්ය කරන්නත් එපා.සපත්තු ගැන හිතන්නත් එපා. මේ කාලය තුළ පුළුවන් තරම් අපි කරන්න ඕනේ දරුවන්ගේ මනස හදන එක. ගමනාගමන කටයුතු සඳහා සිසුසැරිය බස් වගේම ලංගම බස් රථ සුදානම් කරලා තියෙනවා. පළාත් සභාව ගානේ අපි දරුවන්ට කෑමවේලකුත් දෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාවන් හරියට පිළිපදින්න කියලා දෙමාපියන්ව දැනුවත් කරන්න. ඊට කලින් දෙමාපියන්ගේ මැදිහත්වීමෙන් පාසල්වල ශ්‍රමදාන පවත්වන්න. පළාත් පාලන ආයතනවල සහයෝගය අරගෙන පන්ති කාමර විෂබීජහරණය කරන්න.
ඒ වගේම පාසලේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, ග්‍රාම නිළධාරි, මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ ආරක්ෂක අංශයේ එක් නියෝජිතයෙක් යොදා ගනිමින් පාසල් සෞඛ්‍ය කමිටු දැනටමත් සකසා තිබෙනවා.ඒවා ඉදිරි සතිය තුළ රැස් වෙලා අවශ්‍ය තීන්දු තීරණ ගන්න. ගුරු වෘත්තීය සමිති වල විවිධ දේශපාලන අරමුණු නිසා පාසල් ආරම්භ කිරීමට අපි අමාරුවෙන් ගත්ත මේ තීරණය ආපස්සට හරවන්න ඉඩ දෙන්න එපා. අපේ පළාතට උපාධිධාරින් 3000ක් අළුතින් බඳවාගෙන තියෙනවා ඒ අය අදාළ දිස්ත්‍රික් ලේකම්වරු මගින් කලාප කාර්යාලවලට ගෙන්වා ගෙන අතිරේක පුහුණුවක් ලබා දෙන්න. ගුරුවරුන්ගේ පැමිණිමේ අඩුවක් සිදුවුවහොත් ඒ අය පාසල් වෙත අනියුක්ත කරන්න. මෙය සාර්ථක වුවුහොත් අපිට පුළුවන්කම ලැබෙයි ඉතුරු පාසල් ටිකත් කඩිනමින් පටන් ගන්න. යැයි”ද ආණ්ඩුකාරවරිය කීවාය.
මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී.වනිගසිංහ, පළාත් අධ්‍යාපන ලේකම් ක්‍රිස්ටිලාල් ප්‍රනාන්දු, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, පළාතේ සියළු අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.