පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අනුරාධපුර ශික්ෂණ රෝහලට නවීන ලේසර් ප්‍රතිකාර පද්ධතියක්

    ඔක්තෝබර් 15, 2021

    රජරට ගොවි ජනතාවගේ මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව ගල් ඇතිවීම පසුගිය දශක 2ක පමණ කාලයේ අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇත. මේ සඳහා හේතුව හඳුනාගෙන ඒවා ඉවත් කිරීමට මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

    දැනට රෝගීව සිටින ජනතාවගේ මුත්‍රා ගල් ඉවත් කිරීම සඳහා නවීන ලේසර් ප්‍රතිකාර පද්ධතියක් ලබා දෙන ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෞත්‍රලිංගික රෝග විශේෂඥ වෛද්‍ය නිශාන්ත ලියනපතිරණ මහතා සිදුකළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස එම යන්ත්‍රය ලබා දීමට ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදු කරන ලදී.

    යාපනය හා වව්නියාව ප්‍රදේශවල රෝගීන් තම ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහල වෙතයි. නවීන ලේසර් ප්‍රතිකාර පද්ධතියක් ලැබීමත් සමඟ, පොරොත්තු ලේඛනයක නොසිට ශරීරයේ ඇති ගල් ඉවත්කිරීමේ ප්‍රතිකාර ගැනීමට රෝගීන්හට හැකිවනු ඇත.

    මෙම යන්ත්‍රය High Power Laser Platform ලෙස හඳුන්වන අතර, මුත්‍රා ගල් කුඩු කිරීමට අමතර තවත් රෝගාබාධ කිහිපයකටම ප්‍රතිකාර ලබා දීමටද යොදා ගත හැකිය. ඉහළම වොට් (Watt) අගයකින් යුතු මෙවැනි යන්ත්‍රයක් රජයේ රෝහලකට ලැබෙන්නේ පළමු වරට බවද ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා තවදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya