පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දෙස් විදෙස් සංචාරකයින්ට මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර විවෘත වෙයි

    ඔක්තෝබර් 15, 2021

    කොවිඩ් 19 වසංගත උවදුර හේතුවෙන් සෞඛ්‍ය නීතිරීතිවලට යටත් ව මේ වන තෙක් මාස ගණනාවක් දෙස් විදෙස් සංචාරකයින් සඳහා වසා තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර සහ පුරාවිද්‍යා ස්ථාන පෙර පරිදි සංචාරකයින් සඳහා නැවත විවෘත කරනු ලබන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

    ඒ අනුව සංචාරකයින්ගේ ආකර්ශනීය ස්ථාන ලෙස ප්‍රචලිත පොළොන්නරුව, සීගිරිය, කතරගම, ගාල්ල, මහනුවර, අනුරාධපුර ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන දිවයිනේ සියලුම කෞතුකාගාර සහ ව්‍යාපෘති සෞඛ්‍යය නීති රීති හා මාර්ගෝපදේශ ප්‍රකාරව සහ අදාල චක්‍රලේඛ වලට අනුගතව විවෘත වනු ඇත.

    ඒ සමග ලෝක උරුම කලාපයක් වන ගාලු කොටුවේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ එකම සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ප්‍රථම එළිමහන් විවෘත කෞතුකාගාරය වන ඉබ්බන්කටුව මහා ශිලා සුසාන භූමියේ පිහිටි කෞතුකාගාරය , දඹුල්ල බිතුසිතුවම් සංරක්ෂණ මධ්‍යස්ථානය සහ ජේතවනය , අභයගිරිය සීගිරිය , මහනුවර , පොළොන්නරුව , කතරගම , යාපහුව , රත්නපුර ,මොණරාගල , නාමල් උයන , ත්‍රිකුණාමලය , දඹදෙණිය , රිදී විහාරය , යාපනය , රම්බා විහාරය යන ස්ථානයන් හි පිහිටි සියලුම කෞතුකාගාර විවෘත වනු ඇත.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya