පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ දිස්ත්‍රික්කයේ උසස්පෙළ සිසුන්ගේ එන්නත්කරණය සාර්ථකව ඇරඹෙයි

    ඔක්තෝබර් 15, 2021

    උසස්පෙළ සිසුන් සදහා කොවිඩ් මර්දන එන්නත ලබාදීම අද කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කොට්ඨාශ කිහිපයක සාර්ථකව ආරම්භ කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙහි අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේය.

    ඔහු මේ බව කියා සිටියේ අද (15) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති කොවිඩ් පිළිබද මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    කොළඹ දිස්ත්‍රික්කය තුළ කොළඹ මහ නගර සභාව මගින් සහ පවුල් සෞඛ්‍ය කාර්යංශයේ පාසල් සෞඛ්‍ය කාර්යාලය මගින් මෙම එන්නත්කරණ වැඩසටහන් පැවැත්වෙන බව සිහිපත් කළ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙහි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කළේ, ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල අයත් ප්‍රදේශ වල අද දිනයේ යම් යම් පාසල් වල එන්නත්කරණය පැවති බවයි.

    තමා අද උදෑසන තර්ස්ටන් විද්‍යාලයේ එන්නත්කරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කළ බවද එහිදී ඉතාමත් පිළිවෙලකට පැහැදිලි ක්‍රමවේදයකට විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරුභවතුන් විසින් සාර්ථකව පිළියෙල කර තිබූ අයුරු දක්නට ලද බවද ඔහු කියා සිටියේය.

    ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18ත් 19ත් අතර සියලුම දරුවන්ට එනම් 2020 අවුරුද්දේ උසස් පෙළ විභාගයට මුහුණදුන් දරුවන් සහ 2021 වසරේ උසස්පෙළට මුහුණදීමට සිටින දරුවන් යන කණ්ඩායම් දෙකටම එන්නත්කරණය ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔහු අවධාරණය කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya