අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය,අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් 'දැයක් නගන සියක් නගර' සංවර්ධන වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබයි.
කොළඹ ඇතුළු ප‍්‍රධාන නගර මෙන්ම ග්‍රාමීය නගරද විධිමත් සංවර්ධන සැලසුමක් යටතේ සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.
මේ යටතේ මැල්ලවගෙදර නගරය කේන්ද්‍ර කරගනිමින් මාර්ග පද්ධතිය හා පදික මංතීරුව ඉදිකිරීම, ළමා උද්‍යානය හා ඔසූ උයන ඉදිකිරීම, බස්නැවතුම්පල ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිදු කෙරෙනු ඇත. මේ සදහා වැය කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 20 කි.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා, දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික ජයසිංහ මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රූපා රංජනී මහත්මිය සහ එහි නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලනඥයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.