නාවික හමුදා මූලස්තානය වෙත පැමිණි ඉන්දීය යුද හමුදා ප්‍රධානී, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමෙන් අනතුරුව නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේ දී විශේෂ සම්මාන මුරයක් මඟින් උත්තමාචාරය පිරිනැමීමට කටයුතු කෙරිණි. අනතුරුව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු ඔහු වෙත නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය හඳුන්වාදෙන ලදී.
මෙම නිල හමුවේදී ඉන්දීය යුද හමුදා ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර ද්විපාර්ශ්වීය වශයෙන් දෙරටේ හමුදාවන්ට අදාල වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගන්නා ලද අතර, මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
තවද, ඉන්දීය යුද හමුදා ප්‍රධානී, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති ඇතුළු නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව නාවික හමුදාධිපති කාර්යාලයේ තබා ඇති විශේෂ අමුත්තන් සඳහා වු සමරු පොතෙහි සමරු සටහනක් තැබිමට ද කටයුතු කෙරිණි.