මෙම නිරීක්ෂණ චාරිකාව අතරතුර ගොවි ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහ ඒ සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇත.
මෙහිදී කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගොවි ජනතාව දැනුවත් කළ අතර, ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කෘෂි උපකරණ, සහ ගෙවතු වගාව සඳහා බීජ හා පැල වර්ග ප්‍රදානය කිරීම සිදු කෙරිණි.
මොරගහකන්ද කලාපයේ පිහිටි මෙරට පළමු කාබනික කලාපයේ සංචාරය කළ , අමාත්‍යවරයා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ගුරුවරුවෙල සහ වැල්ලේවෙල කොට්ඨාස ආශ්‍රිතව පවත්වා ගෙන යනු ලබන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘති දෙකක් ද නිරීක්ෂණය කරන ලදි.
මෙම අවස්ථාවට මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය, ආර්.ටී චිත්‍ර නයනා මෙනවිය ,මහවැලි කෘෂිකර්ම අධ්‍යක්ෂ නෙවිල් රාජපක්ෂ මහතා, මහවැලි ආයතනය සංවර්ධන අධ්‍යක්ෂ මහෙන්ද්‍ර අබේවර්ධන මහතා , මහවැලි තාක්ෂණ අංශ අධ්‍යක්ෂ ටි. රණසිංහ මහතා ,මහවැලි විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ කෞශල්‍යා විජේවීර මහත්මිය, මොරගහකන්ද නේවාසික ව්‍යාපාර කළමනාකාර හේමන්ත ජයසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.