මෙම පුජනීය වස්තුන් රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මධ්‍යයේ අද (ඔක්තෝම්බර් 18) දින උදෑසන මහඔය බොල්ලෑගම රජමහා විහාරයෙන් ගමන් ආරම්භ කළ අතර, දම්මින්න සහ අරලගංවිල පසු කරමින් ගමන් කර අද දින ගමනාන්තය වන දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත පැමිණේ.
පූජනීය මහා සංඝ රත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ මෙම පෙරහැරේ සම්පූර්ණ කටයුතු සිදුකෙරෙනු ඇත. පෙරහැර ගමන්ගන්නා අවස්ථාවේදී රථවාහන පාලනය අදාල පොලිස් කොට්ඨාශ මගින් සිදුකරන අතර දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වේ.