ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ග්‍රාම නිලධාරීවරුන්ගේ ගැටළු විසදීම සඳහා වෘත්තීය සමිති 11ක නායකයින් සමග පසුගියදා (15) පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.
ග්‍රාම නිලධාරිවරුන්ගේ සේවා ව්‍යවස්ථාව ජාතික වැටුප් හා සේවක කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු පසු ඔවුන්ගේ පවතින ගැටලු වලට නිසි විසදුම් ලැබෙන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
වසර ගණනාවක සිට ග්‍රාම නිලධාරීවරුන්ගේ පවතින ගැටළු සඳහා විසඳුම් ලබාදී ඇති බවත් ඉතිරි වී ඇති අනෙකුත් ගැටලු සඳහා අවශ්‍ය විසදුම් ලබාදෙන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම් .එච්. එම් චිත්‍රානන්ද මහතා වෙත අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.
ගම සංවර්ධනය කිරීමේදී ග්‍රාම නිලධාරීවරුන්ගේ කැපවීම අගය කරන බවද අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙහිදී වෘත්තීය සමිති නායකයින් වෙත වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම් .එච්. එම් චිත්‍රානන්ද , අතිරේක ලේකම් දිස්ත්‍රික් පාලන කේ. ජී ධර්මතිලක , ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කේ. බන්දුල ජයසිංහ , අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ආර්. එන් .ඩී මිගස්මුල්ල යන මහත්වරුන් සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව සිටියේය.