ඔහු මේ බව කියා සිටියේ, අද (18) රජයේ නිල පුවත් වෙබ් අඩවිය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
ඉදිරියේදී කුඩා දරුවන්ගේ විශේෂ අවශ්‍යතා ඇති අයට එන්නත ලබාදීමට කටයුතු කෙරේ.පාසල් දරුවන්ට එන්නත් ලබාදීමටද යොමුකර ඇති අතර මේ අයගේ දෙවන මාත්‍රාව වෙනුවෙන් යම් එන්නත් ප්‍රමාණයක් වෙන්කර තබාගැනීමට පියවර ගැනේ. ඒ අනුව සැළකිල්ලට ගනිමින් අද ලැබුණු එන්නත් තොගය ද නිසි පරිදි බෙදාහැර ඒවා අවශ්‍ය ස්ථානවලට ලබාදීමට කටයුතු කරන බවද හේමන්ත හේරත් මහතා කීය.
ජනතාවට තෙවැනි මාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් දැනට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද, එහෙත් තෙවන මාත්‍රාව ලබාදීමට පෙර මේ පිළිබදව පැහැදිලි මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදෙනු ඇති බවද ඉන් පසුව තෙවන මාත්‍රාව ලබාදීම අරඹන බවද පැවසීය.
පළාත් සංචරණද ඉවත් කළ පසු මාස ගණනක් නිවෙස් වල සිටීමෙන් අනතුරුව ලද කුඩා විරාමයෙන් සියලුදෙනා අනවශ්‍ය ගමන් බිමන් නොයන ලෙසද, යම් කාලසීමාවකට මීට වඩා සංයමයකින් කටයුතු කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටින නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළේ, ඉදිරි කාලයේදී මීට වඩා නිවාඩු දින සහ සති අන්ත එළඹෙනු ඇති බැවින් අනවශ්‍ය ඒකරාශිවීම්වලින් වැළකී යම් කිසි විනයක් සහ සංයමයකින් කටයුතු කරන ලෙසයි.