ආරම්භක අවධියේ මෙම ව්‍යාපෘතියේ විවිධ ගැටළු මතු වීම ස්වභාවික බව පැවසූ අමාත්‍යවරයා රජය සමග එකතුව කටයුතු කරන මෙන් තේ ගොවීන් ඇතුළු සියලුම ගොවින්ගෙන් ඉල්ලා සිටින බව පැවසීය.
අද(19) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය කාබනික පොහොර වැඩපිළිවෙළ ආරම්භ කළේ මෙරට ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත යුතු සාධනීය ක්‍රියාමාර්ගයක් වූ බැවිනි .
මෙම වැඩපිළිවෙළ ආරම්භක අවධියේ පසුවන බැවින් පොහොර නිෂ්පාදනයේ යම් අඩුවක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම අඩුව ආනයනික පොහොර ගෙන්වීමෙන් විසඳීමට බලාපොරොත්තු වූ බවද කීය. එහෙත් ආනයනික පොහොර තොගයේ පැවති ගුණාත්මක භාවයේ අඩුවක් පැවතීම හේතුවෙන් මෙම ගැටළුව ඇති වූ බවද කීය.
තේ වගාව සඳහා අවශ්‍ය නයිට්ට්‍රිජන් පොහොර තොගයක් අද දිනයේදී ද මෙරටට ලැබෙන බව කී අමාත්‍යවරයා, අවශ්‍ය නයිට්ට්‍රිජන් පොහොර තොග ඉදිරි මස තුළදී ලබා දීමට රජය කටයුතු කරන බවද සඳහන් කළේය.