මෙහෙදී විශේෂයෙන් මහනුවර නගරයේ ඇති වාහන තදබදය අවම කිරීම පිළිබදව වැඩි අවධානයක් යොමුකෙරිණි.
එහිදී මෙයට විසදුමක් ලෙස මහනුවර සුදුහුම්පල සිට තැන්නෙකුඹුර හන්දිය දක්වා කොරියානු රජයේ ණය යෝජනා ක්‍රමයක් යටතේ ඉදිකිරීමට නියමිත කිලෝමීටර් 5.56 කින් යුත් උමං මාර්ගය පිළිබදව විශේෂයෙන් අවධානය යොමු කරන ලදී,
දැනට මෙම ව්‍යාපෘතියේ සක්‍යතා වාර්ථාව නිමවා ඇති අතර,පරිසර අධ්‍යනවාර්ථාව පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් අධ්‍යනය කරමින් පවතින අතර එය මෙම වසරේ දෙසැම්බර් මස අවසන් වීමට නියමිතයි.
තවද මෙම ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු 2022 වර්ෂයේ ආරම්භවීමට නියමිත අතර 2025 වසරේදී ඉදිකිරීම් කටයුතු නිම කිරීමට ද නියමිතයි. මහනුවර දිස්ත්‍රික්කය තුළ සිදුකරනු ලබන මෙම ව්‍යාපෘතින් සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම මහනුවර, සෙංකඩගල ආසන සංවිධායක, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අමාත්‍යවරයා විසින් සිදු කරනු ලබන අතර මෙම සාකච්ඡාව සදහා මහනුවර දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ශයේ මැති, ඇමතිවරුන් රැසක් ඇතුලුව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ප්‍රේමසිරි මහතා සහ අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් ද සහභාගි විය.