අද (19) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වංශවතුන්ගෙන් ගම්මානයට ගෙන ගිය බන්දුල වර්ණපුරගේ වර්ණවත් ඉනිමට රජය ආචාරය පුද කරන බව අමාත්‍යවරයා කීය.
මියයන විට 68 වන වියේ පසුවූ බන්දුල වර්ණකුල මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් ලකුණ ලැබූ සහ පළමු පන්දුව යැවූ ක්‍රීඩකයාද වේ. 1975 වසරේ සිට 1982 වසර දක්වා ක්‍රීඩාවේ නියැලුනු ඔහු අර්බුදකාරී දකුණු අප්‍රිකානූ තරඟ සංචාරයෙන් පසු තරඟ තහනමකට ලක්වුණි. පසුව බන්දුල වර්ණකුල මහතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙසද, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරිපාලන නිලධාරීයෙකු ලෙසද, ක්‍රිකට් ක්‍රීඩා විචාරකයෙකු ලෙසද කටයුතු කර තිබේ.