ඒ මහතා මේ බව කියා සිටියේ, අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ය.
පසුගිය දිනෙක කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියෙකු විසින් අමරදේව අසපුව නිම කිරීම සම්බන්ධව කරන ලද විමසුමකට අනුව ඒ සම්බන්ධව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීමට
ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සහතිකයක් ලබා දුන් අතර, ඒ ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡාවට ලක් වූ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
දිවංගත සංගීතවේදී පණ්ඩිත් අමරදේව ශූරීන් ජාතික වස්තුවකි. අමරදේව අසපුව ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ වී ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රධානත්වයෙන් වන අතර මෙම ව්‍යාපෘතිය අඩාල වීම සම්බන්ධයෙන් තමන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් විමසූ බවත්, මෙම ඉදිකිරීම සංස්කෘතික දෙපාර්තමේන්තුවට ගෙන ඇති නමුත් මෙය සිය වගකීමක් ලෙස සළකා කඩිනමින් අවසන් කිරීමේ වගකීම ඉටු කරන බවත්, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගිය දිනක පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ද ප්‍රකාශ කර තිබුණි.