ඊයේ(19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සමානුපාතික ඡන්ද ක්‍රමයේ ඇති සාධනීය ලක්ෂණ රැකගෙන පළාත් සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය කර පළාත් සභාමැතිවරණය ඉදිරියේදී පැවැත් වීමට කටයුතු කරන බවත් එහෙත් එම දින වකවානු නිශ්චිතව පැවසිය නොහැකි බවද අමාත්‍යවරයා කීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන ආකාරයට මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමෙන් අනතුරුව පළාත් සභා ඡන්ද විමසීම පවත්වන බවද කීය. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පැහැදිව ප්‍රකාශ කර ඇති බවත් , සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද ඒ බව සඳහන්ව ඇතැයි පෙන්වා දුන්නේය. මෙම පළාත් සභා මැතිවරණ පනත ඉතාම ගැටළු සහගත බවත් එම ගැටළුව නිරාකරණය කර ගත යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම පළාත් සභා මැතිවරණ ක්‍රමය විකෘති සහගත බවද කීය.
මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් , ඉන්දියාවෙන් ඉන්ධන ලබා ගැනීම සහ පළාත් සභා මැතිවරණය අතර කිසිදු කොන්දේසියක් නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.