මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ මහතා සහභාගී වූ අතර, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ කාන්තා ආධුනික නාවිකයින් ඇගයීම උදෙසා එහිදී කුසලාන ප්‍රධානය කිරීම ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සිදු කෙරිණි.
ඒ අනුව, 242 වන බඳවා ගැනීමේ විශිෂ්ටතම කාන්තා ආධුනික නාවිකයාට හිමි කුසලානය කාන්තා ආධුනික නැවි ඒඑම්එස්එස් අතපත්තු හිමි කර ගන්නා ලද අතර, සියලුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් කාන්තා නාවිකයාට හිමි කුසලානය කාන්තා ආධුනික නැවි කේජීටී චමෝද්‍යා හිමිකර ගන්නා ලදී. තවද, කාන්තා ආධුනික නැවි ඩීජීජීපී කුලසූරිය හොඳම ඉලක්කකරුට හිමි කුසලානය හිමි කර ගන්නා ලද අතර, දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි ජීවීඑස්එස් ගමගේ විසින්ද හිමි කර ගන්නා ලදී. තවද, මෙම විසිරයෑමේ පෙළපාලිය ශ්‍රී ලංකා නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ හා සංස්කෘතික කණ්ඩායමේ විචිත්‍රවත් සංදර්ශනයකින් ද වර්ණවත් විය.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම විසිරයෑමේ පෙළපාලිය සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති, කපිතාන් මනෝජ් ලීලාරත්න මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් සීමිත පිරිසක් සහභාගීවී සිටින ලද අතර, විසිර යන ආධුනික කාත්නා නාවිකයින්ගේ දෙමාපියන්හට මෙම විසිර යෑමේ පෙළපාලිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දැකබලා ගැනීමට අවස්ථාව ලබා දෙන ලදී.