අද (20) අලුයම 12.25ට පමණ දියර පොහොර ලීටර් ලක්ෂයක තොගයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය.
ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 1156 දරණ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට අදාළ පොහොර තොගය මෙරටට ගෙනවිත්
තිබේ.
නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31ක් මෙරටට ආනයනය කිරීම සඳහා ඇනවුම් කර තිබේ. අදාළ පොහොර තොගය වත්තල, හුණුපිටිය කළම්බු කොමර්ෂල් පොහොර මධ්‍යම ගබඩාව වෙත රැගෙන ආ අතර හෙට දින සිට දියර පොහොර බෙදා හැරීම සිදු කිරීමට නියමිතය.
මෙම දියර පොහොර තොගය මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිජන මධ්‍යස්ථාන මඟින් ගොවීන්ට ලබා දෙනු ඇත.