පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නිදහස් අධ්‍යාපනයේ අයිතිය සුරක්ෂතයි- පාසල් යළි ඇරඹේ

    ඔක්තෝබර් 21, 2021

    දරුවන්ට පාසල් අධ්‍යාපනය අහිමි කරමින් පැවැති බාධා අභිබවා අද (21) පාසල් ආරම්භ කිරීමට රජය පියවර ගත්තේ ය.

    කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දරුවන්ට පාසල් අධ්‍යාපනය සඳහා පාසල් වෙත පැමිණීමට අවස්ථාව අහිමිවූ අතර පසුව ගුරු සංගම් කීපයක් දිගින් දිගටම ගෙන ගිය වර්ජනය හේතුවෙන් දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට යළි බාධා එල්ල විය.

    කෙසේ වෙතත් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය,සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අංශ රැසකගේ සහයෝගය ඇතිව පාසල් යළි විවෘත කිරීමට පියවර  ගෙන තිබේ. සෞඛ්‍ය උපදෙස්වලට ප්‍රමුඛතාවය ලබා දෙමින් පාසල් දරුවන් 200ට අඩු පාසල් පලමුව ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තේ ය.

    රජය විසින් ක්‍රියාත්මක කරන  එන්නත්කරණ වැඩසටහන මේ වනවිට ඉතාමත් සාර්ථක මට්ටමක පවතින අතර   පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබේ.

    ''දරුවන්ගේ අනාගතය දෙමව්පියන්ගේ සතුට පමණක් නොව ජාතියේම සතුටයි, ඒ සතුට වෙනුවෙන් වන දොරටු ලක්ෂ සංඛායාත ශ්‍රී ලාංකික සිසු දරුවන් වෙනුවෙන් හෙට විවෘත වෙනවා කලකින් සජීවීව නුදුටු තම සිසු දැරියන්ගේ මුහුණ දකින්නට ගුරුවරුන් හෙට පාසලට එනු ඇති අධ්‍යාපනය යනු ජාතියේ අනාගතයයි, ජාතියේ දියුනවේ ශක්තියයි ඒ ලබාදෙන පාසල් ගුරුවරයාගේ සිට ඒ ආරක්ෂාව දියුනුව ගැඹුර ඇති කරගැනීමේ වැඩ පිළිවෙලට අපට සැලස්මකට ක්‍රියාතම කිරීමට ලැබෙනවා.

    අපේ රටේ ලක්ෂ 06ක් පමණ දූ දරුවන්ට හෙට සිට පාසල්වලට පැමිණීමට අවශ්‍ය තීරණ සහ කටයුතු සූදානම්කොට තිබෙනවා. සෞඛ්‍ය උපදෙස් සහ මාර්ගෝපදේශ අනුව රට වටා සිසුන් 200ට අඩු පාසල් 3000 කට වැඩි ප්‍රමාණයක අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙනවා. මේ රටේ අනාගතය වන දූ දරුවන්ට නිදහස් අධ්‍යාපනයට තිබෙන අයිතිය භුක්ති විඳීමට අවස්ථාව සලසා දීමට අපි සියලු දෙනා ම එක් ව අත්වැල් බැඳගනිමු''යැයි අධ්‍යපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ.

    පළාත් ආණ්ඩුකාරවරු, කලාප අධ්‍යක්ෂකවරු, විදුහල්පතිවරු, ගුරුවරු දෙමාපියන් එක්ව පාසල් පිරිසිදු කිරීම්, පහසුකම් සංවර්ධනය, හා පහසුකම් සපයාදීම ආදිය පිළිබඳ මේ වන විට අවසන් කර තිබේ.

    මේ වනවිට ගුරුවරුන් 225000කට පමණ එන්නත් මාත්‍රා දෙක ම ලබා දී තිබේ.. ගුරු-විදුහල්පති වැටුප් ප්‍රශ්නය විසඳීමට අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා,  මුදල් අමාත්‍යතුමා මැදිහත්ව මෙවර අයවැයෙන් පළමු අදියරේ වැටුප් වැඩි වීම සහ ඉතිරි අදියර දෙක ලබන වසරේ අයවැයෙන් ලබා දීමට රජය විශ්වාසවන්ත ලෙස විසඳුමක් ඉදිරිපත් කර ඇත. ඒ නිසා ගුරුවරුන් පාසලට පැමිණීමට පැකිළෙන්න එපා. ඒවගේ ම පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාත් බටහිර සිට නැගෙනහිරටත් මේ රටේ විසිරී සිටින පාසල් දූ දරුවන් පාසලට පැමිණීම වළක්වන්නට කාටවත් බැහැ. නිදහස් අධ්‍යාපනයේ අයිතිය සැමට සුරක්ෂිත කරදීමට සියලු දෙනා ම එකතුවන්න යැයි ද අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලීමක් කරයි.

    දැනටමත් අභ්‍යාසලාභී ගුරුවරු 20,000ක් පුහුණුව ලබන බවත් ඒ සියලු දෙනාට පැමිණීමට ඉඩකඩ ඇති කර තිබේන් බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

    මේ අතර රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරින් අතුරින් අධ්‍යාපන අමාත්‍යංශයට අන්තර්ග්‍රහණය කර සිටින උපාදිධාරින් සියලු දෙනා 21වන දා තමන් සේවය කරන පාසල් වෙත ගොස් සේවයට වාර්තා කළ යුතු බව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලස අමාත්‍යංශය සඳහන් කරයි.

    කොළඹ කළාප අධ්‍යක්ෂ ජී.එන් සිල්වා මහතා පැවසුවේ, කොළඹ දිස්ත්‍රික්කයේ ළමුන් 200ට අඩු පාසල් 26ක් ඇති බවත් එම පාසල් ද ආරම්භ කිරීමට සියලු පියවර ගෙන තිබෙන බවය. මීට සමගාමීව දිවයිනේ සියලු පළාත්වල පාසල් ආරම්භ කිරීමය අවශ්‍ය පියවර ගත් බව එම පළාත්වල ආණ්ඩුකාරවරු පවාසා ඇත.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya