පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පෞද්ගලික අංශය සතු සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතා කිරීමට රජය කිසිදු අවස්ථාවක ඉඩ නොතබන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. රාජ්‍ය සේවකයා කෙරෙහි ඇති විශ්වාසය රජය ආරක්ෂා කර ඇති බවත් , ලක්ෂ 7ක්ව පැවති මෙරට රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ලක්ෂ 15 දක්වා වැඩි කර ඇතැයිද කී අමාත්‍යවරයා, රාජ්‍ය සේවකයින් බඳවා ගැනීම් නියමිත පටිපාටියකට අනුව සිදුවන බවද සඳහන් කළේය.
මෙරට යල් පැන ගිය නීති රීති රැසක් පවතින බවත් රජය, එම යල් පැන ගිය නීති රීති වර්තමානයට ගැළපෙන ආකාරයට වෙනස්කරමින් යන බවද කිය.