ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ලෙස භාවිත වන සමාජ මාධ්‍ය ජාලය වනුයේ ෆේස්බුක් සමාජමාධ්‍ය ජාලයයි. පසුගිය කොවිඩ් වසංගත සමයේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය වැනි ආයතනයන්හි ෆේස්බුක් පිටු ජනතාව අතර විශාල වශයෙන් ප්‍රචලිත විය.
ෆේස්බුක් ගිණුමක් වඩාත් ආරක්ෂාකාරී ලෙස පවත්වාගෙන යාම, රාජ්‍ය ආයතනයන්හි ෆේස්බුක් පිටු පවත්වාගැනීම සම්බන්ධයෙන් මෙහිදී දැනුම්වත් කෙරුණි. විශේෂයෙන්ම රාජ්‍ය ආයතනයන්ගේ ෆේස්බුක් පිටු භාවිතා කිරීමේදී සිදුවන වැරදි සහගත සහ අනවශ්‍ය බලපෑම් වැනි සිදුවීම් පිළිබඳ අයථා ක්‍රියා සහ හැසිරීම් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගයන් පිළිබඳව මෙහිදී දැනුවත් කෙරුණි.
ශ්‍රී ලංකාව සඳහා ෆේස්බුක් ආයතනයේ පොදු ප්‍රතිපත්ති කළමණාකරු, ෆේස්බුක් ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත සෙනුර අබේවර්ධන මහතාද මෙම සමුළුවට සහභාගී විය. එළඹෙන සඳුදා (25) ෆේස්බුක් සමාජ ජාලය නව මුහුණවරකින් ආරම්භ වීමට සූදානම් බවත් වඩාත් ආරක්ෂාකාරී සහ නව පහසුකම් රැසක් සමගින් ඔබ හමුවට පැමිණීමට නියමිත බවද ඒ මහතා පැවසීය.
විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක් වූ පුද්ගලයින් පැවසුවේ ඔවුන් සඳහා ද ෆේස්බුක් සමාජ ජාලයේ පහසුකම් අවශ්‍ය බවයි. ඒ සම්බන්ධයෙන් ද තම අවධානය යොමු කරන බව එම නියෝජිතයින් පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ මහතා ඇතුළු, රාජ්‍ය මාධ්‍ය ආයතන නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.