හුරුළුවැව ගොවිජනපදයේ දහස් සංඛ්‍යාත පිරිසක් මෙම රෝහලින් සේවය ලබා ගනිති. ගරු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ඉල්ලීම මත රෝහලේ ඉදිකිරීම් කටයුතු කොන්ත්‍රාත්කරුවන්ට ලබා දීම වෙනුවට ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් එම ඉදිකිරීම් සිදු කරනු ලබයි.
අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, ස්ථාන භාර වෛද්‍ය නිලධාරී, ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බළකා කර්නල් චමල් මහේන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.