පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ද්වීපාර්ශවීය සබඳතා තරකර ගැනීමේ ශ්‍රී ලංකා සහ නවසීලන්ත කථානායක හමුවක්

    ඔක්තෝබර් 22, 2021

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක ට්‍රෙවර් මලර්ඩ් මහතා අතර විශේෂ හමුවක් (21) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණ ඔස්සේ පැවැත්විණි.

    ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලයක් පසුගියදා විවෘත කිරීම සම්බන්ධයෙන් සිය කෘතවේදීත්වය මෙහිදී පළ කළ කථානායකවරයාශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වසර 65කට වැඩි කලක් මුළුල්ලේ පවතින ද්වීපාර්ශවීය සබඳතා මේ හරහා වඩාත් පුළුල් වන බව පෙන්වා දුන්නේය.

    නවසීලන්ත කථානායකවරයාගේ ආරාධනයකට අනුව පැවැත්වූ මෙම හමුවට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා, ශ්‍රී ල‍ාංකේය සම්භවයක් සහිත වත්මන් නවසීලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් වන වනුෂි වෝල්ටර්ස් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්ව සිටියහ.

    කොවිඩ් අභියෝගය, මැතිවරණ ක්‍රමවේදයන්, දේශපාලනය තුළ කාන්තා නියෝජනය, ආර්ථික අභියෝගයන්, ආගමික අන්තවාදය, ක්‍රීඩා ක්ෂේත්‍රය ආදී කරුණු ගණනාවක් පිළිබද දෙරටෙහි අත්දැකීම් හුවමාරුකර ගැනීම මෙහිදී සිදුවිය.

    ඉදිරියේදී ශ්‍රී ලංකා - නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව පැවසූ  කථානායකවරයා,  දෙරට අතර සබදතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය. එසේම නවසීලන්ත පාර්ලිසම්න්තුවේ නියෝජිතයන් පිරිසකටද රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සදහා මෙරටට පැමිණෙන ලෙස  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආරාධනයක් ද කළේය.

    ශ්‍රී ලංකාවේ උපත ලබා මේ වන විට නවසීලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරන වනුෂි වෝල්ටර්ස් මහත්මිය ඉටුකරන කාර්යභාරය පිළිබදව සිය ප්‍රසාදය පළ කරන බව බවද  කථානායකවරයා මෙහිදී පවසා සිටියේය

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya