පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 දින ඉවත් කෙරේ

    ඔක්තෝබර් 22, 2021

    දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 දින උදැසන 4.00 පසුව ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා  පවසයි.

     

    මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් යුද හමුදාපතිවරයා මේ බව පැවසීය.

    ජනාධිපතිතුමා සමඟ අද පවැති රැස්වීමේ දී මෙම තීරණයට එළැඹි බවද, එහිදී බූස්ටර් එන්නත පිළිබඳව සාකච්ඡා කළ බවත් මෙම එන්නත සෞඛ්‍ය,ත්‍රිවිධ හමුදා,සංචාරක ආදී ඉදිරි පෙළ අය සඳහා නොවැම්බර් පළමු දිනෙන් පසුව ලබාදීමට ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන් බව ද හමුදාපතිවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya