පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කෝප් වාර්තාවෙන් හෙළිවන වැරදිකරුවන්ට දඬුවම් දීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුයි

    ඔක්තෝබර් 22, 2021

    කෙතරම් කොප්කමිටු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද වැරදිකරුවන්ට දඩුවම් දීමේ ක්‍රමවේදයක් ද සකස් කළ යුතු යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    විගණන දෙපාර්තමේන්තුවට රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ බලපෑමක් නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    2021.04.06 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෝප් වාර්තා පිළිබද සභාව කල් තැබීමේ විවාදයට එක්වෙිමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පසුගිය රජය බිලියන 06ට ආසන්න මුදලකට ප්‍රමිතියෙන් තොර පොහොර මෙට්ට්‍රික් ටොන් 81,000ක් මෙරටට ගෙනැවිත් රසායනාගාර පර්යේෂණ වෙනස් කරමින් ජනතාව අතර බෙදා දී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.කෘෂිකර්ම අමත්‍යංශයේ නොයෙක් වංචනික ක්‍රියාවන් විගණනය කර ඇති බවත් මෙම වංචා හඳුනාගෙන ඒ්වා තවදුරටත් විමර්ෂණය කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    ඉන්දියාවෙන් ආනයනය කළ නැනෝ නයිට්ට්‍රිජන් පොහොර සම්බන්ධයෙන් විවිධ චෝදනා මතු කරන බව පැවසූ අමාත්‍යවරයා පොහොර හිගයක් ඇති වූ මෙම අවස්ථාවේ ඉන්දීය රජය ඊට මැදිහත් වෙමින් ණය ක්‍රමයක් යටතේ මෙම පොහොර ‌තොගය මෙරට ලබා දුන් බව කීය. ඉන්දියානු තානාපතිවරයාද මේ සඳහා මැදිහත් වූ බවත් කිසිදු වංචාවක් මෙහි සිදු නොවූ බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya