පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ් වසංගතයේ දරුණු බව මධ්‍යයේත් ජන ජීවිතය ආරක්ෂා කිරීමට රජය සෑම මූලධනයක් ම යෙදෙව්වා

    ඔක්තෝබර් 22, 2021

    කොවිඩ් වසංගතයේ දරුණු බව මධ්‍යයේ වුව ද ජන ජීවිතය ආරක්ෂා කිරීම සඳහා රජය   සෑම මූලධනයක්ම යෙදවූ බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අද(22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් සභානායකවරයා මේ බව පැවසීය.

    අග්‍රහාර රක්ෂණය සියළුම විශ්‍රාමිකයින්ට ලබා දීමට රජය කටයුතු කළ බවත් පසුගිය රජය එම රජය සමයේ විශ්‍රාම ගත් විශ්‍රාමිකයන්ට පමණක් මෙම විශ්‍රාම වැටුප් ලබා දීමට කටයුතු කර තිබූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    කෘෂි කර්මාන්තයත් වැවිලි කර්මාන්තයත් ශක්තිමත්ව නගා සිටුවීමට රජය කැප වී සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya