2020 නොවැම්බර් මාසයේ දී නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන් අනතුරුව එයිටි ක්ලබ් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකා නාවික හමුදාව අදාළ ප්‍රතිසංස්කරණ හා ඉදිකිරීම් කටයුතු භාරව කටයුතු කළේය.
මහනුවර ක්වීන්ස් හෝටලයේ අංක 80 කාමරයේ සාමාජිකයන් කිහිප දෙනෙකු පළමු රැස්වීම පවත්වා ආරම්භ කිරීම හේතුවෙන් මෙම සමාජය එයිටි ක්ලබ්” (80 Club) නමින් හැඳින්වෙයි. පසුකලෙක එය මෙලෙසින් කොළඹ 07 නිදහස් මාවතේ ස්ථාපිත වී තිබේ.
1971 කැරැල්ල හේතුවෙන් එවකට රජය මෙම භූමිය ශ්‍රී ලංකා යුද හමුදාවට පවරා දුන්නේය. 1978 රජය යටතේ එයිටි ක්ලබ් සඳහා නැවත අවසර ලැබිණි.
2020 නොවැම්බර් මාසයේ දී නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගන්නා තුරුම එහි නඩත්තු කටයුතු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ ක්‍රියාත්මක විය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් මගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. ඒ අනුව වර්තමානයේ අලංකාරවත් නිමාවක් එයිටි ක්ලබ් සඳහා ලැබී තිබේ.
මෙහි ඇති පහසුකම් තවත් වැඩි දියුණු කරමින් ආගන්තුක සත්කාරයෙන් අනූන වෝටර්ස් එජ් තරු පංතියේ හෝටල් අත්දැකීමක් එයිටි ක්ලබ් ඔස්සේ ලබා දීම රජයේ සැලසුම වී තිබේ.
මෙම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, එයිටි ක්ලබ් සභාපති රොහන්ත ෆොන්සේකා මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.