2021 ඔක්තෝබර් මස 22වන දින “පිළිකා රෝගීන්ට දෙන Bevacizumab ඖෂධය රෝහල් වල නෑ” යන මැයෙන් මව්බිම පුවත් පතේ පල වූ ප්‍රවෘත්තිය සහ “පිළිකා ඖෂධ 24ක හිඟයක් ” මැයෙන් අරුණ පුවත්පතේ පලවූ ප්‍රවෘත්තිය පිළිබදවයි.
පිළිකා සඳහා ප්‍රතිකාර කරන රෝහල්වල මෙන්ම අනෙකුත් රෝහල් වල ද පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධ වල හිගයක් අති බව හුවා දක්වමින් 2021 ඔක්තෝබර් මස 22වන දින ජාතික පුවත්පත් දෙකක පළ වු වාර්තාව සම්බන්ධයෙන් පහත නිවේදනය නිකුත් කරමි.
02. එම නිවේදන මගින් පිළිකා ප්‍රතිකාරක ඖෂධ 24ක හිගයක් රට තුළ පවතින බව පෙන්වීමට උත්සහ කර ඇත. නමුත්, එවැනි ඖෂධ හිගයක් පිළිකා සඳහා ප්‍රතිකාර කරන රෝහල හි හෝ වෙනත් රෝහල්වල ඇති වී නොමැති අතර Bevacizumab ඖෂධයේ යම් හිගතාවක් ඇති වී ඇත.
03. මෙයට හේතු වී ඇත්තේ මෙම ඖෂධයෙන් එන්නත් 32,000ක ප්‍රසම්පාදනක් කරමින් සිටින අතර තුර එම ප්‍රසම්පාදන තීරණ වලට එරෙහිව එහි ලංසුකරුවන් විසින් ප්‍රසම්පාදන අභියාචානා මණ්ඩලයට අභියාචනා ඉදිරිපත් කිරීම හේතුවෙන් හා එම ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයෙහි තීරණ වලට අනුව එකී ප්‍රසම්පාදනය අතිහිටුවීමට තීරණය වීමයි.
04. නමුත්, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය විසින් මෙවැනි පසුබිමක රෝහල් වල බෙවැසිසුමැබ් ඖෂධයේ හිඟයක් ඉදිරියේ දී ඇතිවීම වළක්වා ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් නව ප්‍රසම්පාදනයක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ් අනුව 2021 ඔක්තෝබර් 25 දින වන විට එම ඖෂධයෙන් එන්නත් වයල් 9,000ක් ලැබීමට නියමිතය.
05. ඒ අතරතුර කාලය සඳහා කෂණික විසදුමක් ලෙස මෙම ඖෂධ හිඟය මගහරවා ගැනීම සඳහා පිළිකා රෝගීන් හට ප්‍රතිකාර කරන රෝහල් වල අධ්‍යක්ෂ වරුන්ට දේශීය මිල ගණන් කැඳවා මෙම ඖෂධය මිල දී ගෙන ලබා දීමට උපදෙස් ලබා දී ඇත.
06. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අපරට මෙන්ම ලෝකය පුරාම විවිධ ආර්ථීක අපහසුතා මෙන්ම ඖෂධ සැපයුම් ජාලයේ ද විවිධ වූ දුෂ්කරතා මතුවී ඇත. මෙවැනි වකවාණුවක මෙවැනි සාවද්‍ය ප්‍රකාශ ජාතික පුවත්පත් මගින් පල කර, එමගින් යම් පාර්ෂවයක් විසින් ජනතාව මෙන්ම අසරණ රෝගීන් නොමග යවමින් රජය අපහසුත්වකට ලක්කිරීමට උත්සහ දැරීම පිළිබඳව අපගේ දැඩි කණස්සල්ල ද මෙමගින් පල කරමි.
වෛද්‍ය ආර්. එම්. එස්. කේ. රත්නායක
ලේකම්
ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය