කල්පිටිය අර්ධද්වීපයේ මොහොත්තුවාරම, කිනමුන්දලම, උච්චමුනේ යන දූපත් වල ජනතාව පානීය ජල ගැටලුවට මුහුණ දී සිටින හෙයින් ඒ පිළිබඳව සහ ධීවර ගැටළු පිළිබඳව සොයා බැලීමට ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත්
නිශාන්ත මහතා විසින් පසුගිය දා (22) එම දූපත් වල නිරීක්ෂණයක නිරත වූ අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.
පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය දූපත් ආශ්‍රිතව ජිවත්වන ජනතාවට පානීය ජලය සහ අනිකුත් කටයුතු සඳහා ජලය ලබා ගැනීමේ විශාල ගැටළුවක් පවතින බවත්, ඔවුන්ට අවශ්‍ය ජලය ලබා දීමේ කටයුත්ත අධිතාක්ෂණය භාවිතා කර සම්පුර්ණයෙන්ම ලවණ ජලය පිරිපහදු කර පිරිසිදු ජලය බවට පවත් කිරීමට ලබන වසර තුළ ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත්, ඒ සඳහා මූලික සාකච්ඡා සිදු කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
මෙම ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල ගැටලුව මෙන්ම විදුලිය, මාර්ග, නිවාස හා ඉඩම් සම්බන්ධව ද බොහෝ ගැටළු පවතින හෙයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කොට කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ද, ජනතාවගේ ගැටළු කඩිනමින් විසඳුම් ලබා දීමට අදාළ බළධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද හෙතෙම ප්‍රකාශ කර සිටියේය.