පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පරණ දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයක් භාවිතා කරමින් පාසල් ශිෂ්‍යයින්ට දුම්රියේ ගමන් කළ හැකියි - දුම්රිය සාමාන්‍යධිකාරී

    ඔක්තෝබර් 24, 2021

    පරණ දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයක් භාවිතා කරමින් පාසල් ශිෂ්‍යයින්ට දුම්රියේ ගමන් කළ හැකි බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (24) රජයේ නිල වෙබ් අඩවිය කල විමසුමක දී කියා සිටියේය.

    හෙට දිනයේ දී පළාත තුළ පමණක් දුම්රිය ධාවනය කිරීමට උපදෙස් ලැබී ඇති බවත්, මාසික වාර ප්‍රවේශපත් හිමි අයවලුන් හට පමණක් දුම්රියෙන් ගමන් කළ හැකි බවත් ඒ මහතා කියා සිටියේය.

    එමෙන්ම, සෞඛ්‍යාරක්ෂිතව මඟීන් ප්‍රවාහනය සදහා සැළසුම් සකස් කොට ඇති බවත්, මෙරට සියලු ජනතාව ආරක්ෂා කර ගැනීම උදෙසා රජය සහ සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ වලට අනුකුලව මඟීන් ප්‍රවාහනය කිරීමට කටයුතු කරන බව හෙතෙම කියා සිටියේය.

    හෙට දිනයේ දී ප්‍රාථමික අංශය සඳහා පාසල් විවෘත කෙරේ. කෙසේවුවද, පාසල් ළමුන් සදහා අවසන් වරට නිකුත් කළ තමා සන්තකයේ ඇති පරණ වාර ප්‍රවේශ පතකින් හෝ ගමන් කළ හැකි බව ඒ මහතා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya