අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති “සමාජ ආරක්ෂණ රිදී ජුබිලිය” පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ඒ මහතා මේ බව කියා සිටියේය.
විශ්‍රාම වැටුපක් නොලබන ජනතාවට තම සැදෑ සමය කිසිවෙකුටවත් බරක් නොවී ගත කිරීම සඳහා උදව්වක් වන ආකාරයෙන් කටයුතු කරවීම සමාජ ආරක්ෂණ මණ්ඩලයේ අරමුණ වන බව කියා සිටි ඒ මහතා සමෘද්ධි ප්‍රතිලාභී පවුල් විශ්‍රාම වැටුපකට දායක කරවීමට පියවර ගන්නා බව ද කියා සිටියේය.
එමෙන්ම, සෞභාග්‍යා නව නිෂ්පාදන ගම්මාන වල සිටින පවුල් 40,000 කට වැඩි පිරිස විශ්‍රාම වැටුපට දායක කරගැනීමටත් පියවර ගන්නා බවත් ඔවුන්ගේ නව නිෂ්පාදන මඟින් ලැබෙන අදායම විශ්‍රාම වැටුප ලබා දීම වෙනුවෙන් උපයෝගී කර ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය.
ඒ අනුව, විශ්‍රාම වැටුපක අවශ්‍යතාවය දැනෙන්නේ අදට නොව වර්තමානයට බවත්, නැව් වල සේවය කරන ශ්‍රී ලාංකීය සේවකයින්ව විශ්‍රාම වැටුපකට අනිවාර්ය දායකත්වය ලබා දීම උදෙසා කම්කරු දෙපාර්තමේන්තුව සහ නාවික ලේකම් කාර්යාලය හා එක්ව සැලසුම් සකස් කොට ඇති බවත්, ඊට අදාළ ගැසට් පත්‍රය නුදුරේ දී ම පළ වනු ඇති බවත් කියා සිටියේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තියට අනුව, මෙරට බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට කැපවෙන පුජනීය ස්වාමින්වහන්සේලාගේ දෙමව්පියන් විශ්‍රාම වැටුපකට දායක කරවාගැනීමට දීප ව්‍යාප්තව පියවර ගන්න බවත්, ඒ සම්බන්ධව බුද්ධ ශාසන අමාත්‍යංශය හා එක්ව කටයුතු කරන බවත් ඊට අදාල ගිවිසුම් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයට භාර දී ඇති බවත් මෙහි දී කියා සිටින ලදුව, ඉදිරි අනාගතයේ දී මුහුණ දීම උදෙසා වර්තමානයේ විශ්‍රාම වැටුපකට දායක කරවාගැනීමේ කාලීන අවශ්‍යතාවයක් බවත්, ඒ වෙනුවෙන් වර්තමාන රජය කටයුතු කරන බවත් මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සාමාන්‍යධිකාරී ප්‍රසන්න කළුආරච්චි මහතා, එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (සමාජ ආරක්ෂණ) කල්හාරික සිල්වා මහත්මිය, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (මුදල්) ලක්ෂ්මන් විතානගේ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.