ලබන වසරේ මුල් කාර්තුව අවසන් වන විට ජාතික හැඳුනුම්පත ඩිජිටල්කරණයට ලක් කිරීමට රජය බලාපොරොත්තු වන බවත්, ඒ අනුව ලෝකයේ තිබෙන ඉහළම තාක්ෂණය සහිත ජාතික හැඳුනුම්පතක් මෙරට ජනතාවලට ලබන වසර වන විට ලැබෙන බවත්, යෞවන හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ සහ අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්‍ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මහබැංකු පරිශ්‍රයේ අද(25) පැවති Lanka QR ජනගතකිරීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එමෙන්ම උප්පැන්න සහතිකයේ සිට මරණ සහතිකය දක්වා සියලු වැදගත් තොරතුරු සඳහා එක් අංකයක් ලැබීමට නියමිත සේම එත් ඇඟිලි තුඩුවකින් හෝ මුහුණු හඳුනාගැනීමකින් සියලු අවශ්‍යතා ඉටුකරගැනීමට හැකියාව ජාතික හැඳුනුම්පතෙන් ලැබෙන බවද අමාත්‍යවරයා පැවසීය.
මීට අමතරව සෞඛ්‍ය සේවා ලබාගන්නා කාඩ්පත ඇතුලු සියල්ල එක් ලිපි ගොනුවකට ගොනුගත කිරීම සිදු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
තාත්ෂණය කොතරම් තිබුනත් එය නිරන්තර භාවිතා කිරීම සිදු නොවන්නේ නම් එය අකර්මන්‍ය වන බවත්, මූල්‍යමය ලෙස ඩිජිටල්කරණය වූ මුදල් ඒකක වැනි දියුණු තාක්ෂණය යොදා ගැනීමට පෙර මුදල් නෝට්ටු රහිත සමාජයකට යා යුතු බවත්, එදිනෙදා මුදල් භාවිතා කරන්නන්ගේ සිට ඉහළම ව්‍යාපාරිකයා දක්වා නිරන්තර සිදු කෙරෙන ගණුදෙනු සඳහා එම පුද්ගලයන් තාක්ෂණය සමඟ බද්ධ කරගැනීමට හැකියාවක් පවතී
නම් අනෙකුත් ඩිජිටල්කරණ වැඩසටහන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඉදිරියේදී රථ වාහන දඬ ගෙවීමේදී පවා Lanka QR උපයෝගී කරගනිමින් හැකි ඉක්මනින් හා පහසුවෙන් ගෙවීම් සිදු කරගැනීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා පැවසීය.
අවසාන වශයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඩිජිටල්කරණයේ සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට නම් ජනතාවගේ එදිනෙදා ජීවිතයේ කටයුතු මේ හා සම්බන්ධ කිරීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු බවත්, එසේ වුවහොත් ඩිජිටල්කරණයේ සාර්ථක ප්‍රතිපල ලබාගැනීමට හැකියාව පවතින බවත්ය.