මේ වන විට මෙරට ඇත්තේ වැඩුණු රත් හඳුන් ශාක 37ක් පමණක් බවත්, රට පුරා තෝරගත් ස්ථානවල රත් හඳුන් පැළ 1000ක් රෝපණය කිරීමට කටයුතු යොදා ඇත.
රත් හඳුන් ශාකය මෙරට පහසුවෙන් වගා කළ හැකි වුවත් එය දුර්ලභ ශාකයක් බවට පත් වී ඇත්තේ වගාව සඳහා අවශ්‍ය පැළ සොයා ගැනීමේ අපහසුතාව නිසා බව අමත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඖෂධීය වටිනාකමකින් හෙබි රත් හඳුන් ශාකය ප්‍රචලිත කිරීමේ වැඩ පිළිවෙළක් සකසන්නැයි දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දෙන තිරසාර ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායට ද යෝජනා ඉදිරිපත් වී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.