ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි මහතා ශ්‍රී ලංකාවේ සිදු කරන සංචාරය සම්බන්ධයෙන් අද( 26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.
අමාත්‍ය රමේෂ් පතිරණ මහතා -
''විදේශ ආයෝජන මෙරටට අත්‍යවශ්‍යයි. අපි මුහුණ දෙන ඩොලර් හිගයට පිළියමක් වශයෙන් විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගත යුතුයි. ලෝකයේ අනෙක් රටවල් හා සැසඳීමේදී ශ්‍රි ලංකාව ආයෝජකයන් අඩුවෙන්ම පැමිණෙන රටක් . එම තත්වය හොඳ තත්වයකට පරිවර්තනය කර ගත යුතුයි''
මාධ්‍යවේදියා-
ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි මහතා මහතා ඉරිදා දිනයේ දී දිවයිනට පැමිණි තිබෙනවා. ඊයේ දිනයේ දී ඔහු සමග පැමිණි පවුලේ සාමාජිකයින් පිරිස මන්නාරම ප්‍රදේශයේ සංචාරයකද නිරත වී තිබෙනවා. හින්දු පුවත්පත වාර්තාකරන්නේ ඔහු පැමිණියේ බටහිර පර්යන්තය ගැන සාකච්ඡා කිරිමට බව. මෙම සංචාරයේ ඇත්තටම අරමුණ කුමක්ද?
අමාත්‍ය රමේෂ් පතිරණ මහතා -
''මෙම සංචාරය පෞද්ගලික සංචාරයක් . මෙරට තිබෙන ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් අදාළ සමාගම කරුණු විමසන බව අපට වාර්තා වී තිබෙනවා. බටහිර ජැටියේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ කැමැත්ත පළ වී තිබෙනවා.එය ඇතුළු මෙරටට අනෙකුත් ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් විමසීමට මෙරටට පැමිණියා වන්නට පුළුවන්. ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.''