පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ගල්අඟුරු බලාගාර වලින් ඈත්වී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිය නිපදවීමට පියවර

    ඔක්තෝබර් 26, 2021

    ගල්අඟුරු බලාගාරවලින් නිපදවන විදුලිය ක්‍රමානුකූලව අඩුකර ඉදිරියේ දී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිය නිපදවීමට එම ප්‍රභවයන් වැඩිදියුණු කිරීමට දැනටමත් අධ්‍යයනයන් සහ ආයෝජන රාශියක් සිදුකර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේය.

    ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය පිළිබදව ජනාධිපතිතුමාගේ විශාල කැපවීමක් සහ දැක්මක් තිබෙන බව ද අමාත්‍යවරයා පැවසුවේ,අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රාශියක් ඉදිරියේ දී ''ගෝලීය බලශක්ති ගිවිසුම'' එනම් ගෝලීය පිරිසිදු බලශක්ති සංක්‍රාන්තිය පිළිබද ප්‍රකාශනයකට අත්සන් කිරීමට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඉදිරිපත් කළ සන්දේශයකට ඊයේ කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍යවරයා පැවසීය.

    ඒ යටතේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද සම්මුතියේ පාර්ශවකරුවන්ගේ 26 වන සමුළුව ඔක්තෝම්බර් 31 සිට නොවැම්බර් 12 දක්වා එක්සත් රාජධානියේ ස්කොට්ලන්තේ ග්ලාස්කෝ නුවරදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයිද අමාත්‍යවරය කියා සිටියේය.

    එහිදී එම ගිවිසුමට අත්සන් කරන රටවල් මින් ඉදිරියට ගල්අගුරු බලාගාර මගින් විදුලිය නිපදවන අලුත් ව්‍යාපෘති ඉදිකිරීම් වසර අවසානය වන විට නැවැත්වීමට බැදී සිටින බවද ඒ අනූව එකී සම්මුතියට සහයෝගය ලබාදීම පිණිස විදුලිබල අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    මෙම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වැඩිදියුණු කර විදුලිය නිපදවීමේ ව්‍යාපෘති ඉදිරියට ගෙනයාමට රජය බලාපොරොත්තු වන බවද, මෙම ගිවිසුමට අත්සන් කිරීමත් සමගම ඒ සදහා වැඩි ශක්තියක් ලැබෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya