අමෙරිකානු ඩොලර් මිලියන 35ක අදායමක් හිමිවූ "අල්කා" සහ "ශාන් අල් අරාක්" නෞකා දෙකම කොවිඩ් කාලය තුළ නිෂ්පාදනය කිරීමට කොළඹ නැව් තටාංගනය සමත් වූ අතර එම නෞකා දෙක ලබන 04 වැනිදා එරට දී ඉරාක රජයට භාරදීමට නියමිතව තිබේ.
රජයේ ඉදිරි වැඩපිළිවෙලට සහය වෙමින් නෞකා අලුත්වැඩියාව සඳහා ප්‍රාදේශිය ශාඛාවක් ලබන 02වැනිදා ත්‍රිකුණාමලය වරාය කේන්ද්‍ර කරගනිමින් පළමු වතාවට ආරම්භ කරන බව කොළඹ නැව් තටාංගන ප්‍රධාන විධායක නිලධාරී ඩී.වී අබේසිංහ මහතා මෙහි දී අග්‍රාමාත්‍යතුමාට සැළ කර සිටියේය.
ත්‍රිකුණාමලයට අමතරව හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගනිමින් දැනට පවතින කාර්යාලය ඔස්සේ සිය සේවා ඉදිරියේ දී පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතම විශ්වාසය පළ කළේය.
ප්‍රංශයේ ඔරේන්ජ් මැරීන් සමාගම වෙනුවෙන් අධිතාක්ෂණික නෞකාවක් දැනට නිෂ්පාදනය කරමින් පවතින අතර එය කොළඹ නැව් තටාංගනයේ ඉදිවන දෙවැනි විශාලතම නෞකාව වේ. එම ව්‍යාපෘතිය අමෙරිකානු ඩොලර් මිලියන 45කි. මෙයට අමතරව නෝර්වේ රාජ්‍ය වෙනුවෙන් පරිසර හිතකාමී නෞකා 6ක සමූහයක් දැනට කොළඹ නැව් තටාංගනයේ නිෂ්පාදනය වේ.
මෙම නෞකා සමූහය භාරදෙන අවස්ථාවට එක්වන්නැයි ද කොළඹ නැව් තටාංගන සමාගම අද අග්‍රාමාත්‍යතුමාට නිල වශයෙන් ආරාධනා කළේය.
රටේ ආර්ථිකයට ශක්තියක් වෙමින් කොළඹ නැව් තටාංගනය 2021 වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 100ක සහ 2022 වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 120ක ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරයි.
ත්‍රිකුණාමලය සහ හම්බන්තොට ප්‍රාදේශිය ශාඛා ඔස්සේ තවත් රැකියා අවස්ථා උත්පාදනය කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී කොළඹ නැව් තටාංගන නිලධාරීන් දැනුවත් කළේය.
කොළඹ නැව් තටාංගන නිලධාරීන් විසින් මෙහි දී අග්‍රාමාත්‍යතුමාට සමරු තිලිණ ප්‍රදානය කළ අතර අග්‍රාමාත්‍යතුමා අතින් කොළඹ නැව් තටාංගන සභාපති හිදෙකි ටනකා මහතාට ද සමරු තිලිණයක් ප්‍රදානය කෙරිණි.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, කොළඹ නැව් තටාංගන සභාපති හිදෙකි ටනකා, ප්‍රධාන විධායක නිලධාරි ඩී.වී අබේසිංහ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි කේ.බී.පී ප්‍රනාන්දු, සාමාන්‍යාධිකාරි එස්.ජී සේනාධීර, පරිසර නිලධාරි සුපුන් එස්. පතිරගේ මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.