පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති වෙත රුසියානු හමුදාවේ අභිමානවත් ගෞරවාචාරය

    ඔක්තෝබර් 26, 2021

    රුසියානු එක්සත් සමුහ ආණ්ඩුවේ භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) ගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරාධනයෙන් රුසියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී විසින් හමුදා සම්ප්‍රදායානුකූලව සඳුදා (25) දින මහත් හරසරින් යුතුව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

    රුසියානු හමුදාව විසින් මෑත කාලීනව පිරිනැමු ඉහලම සම්මාන ආචාර පෙලපාලියක ගෞරවාචාරය ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත එහිදි පිරිනමනු ලැබුවේ ඛණ්ඩ හතරකින් සහ හමුදා තූර්යවාදක කණ්ඩායමකින් සැදුම් ලත් සම්මාන ආචාර පෙලපාලියකින් වන අතර එමගින් රුසියානු හමුදාව ශ්‍රී ලංකා හමුදාව වෙත දක්වන ඉහලම පිළිගැනීම සහ ගෞරවය මනාව පිළිබිඹු වු අවස්ථාවකී.

    දෙරට අතර පවත්නා සුහදත්වය පිළිබිඹු කරමින් එම කීර්තිමත් සරඹ භූමියේදී දෙරට ජාතික ගීතයන් වාදනය කිරීමෙන් අනතුරුව මෙම ගෞරව සම්මාන පෙළපාලියට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වු ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) සරඹ භූමියේ ප්‍රධාන පීඨීකාව වෙත පැමිණියහ.

    ඉන් පසුව සම්මාන ආචාර පෙළපාලියේ අණදෙන්නා විසින් හමුදා සම්ප්‍රදායානුකූල අවසර ලබාගැනීමෙන් අනතුරුව අලංකාරවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය රුසියානු භූමි මෙහෙයුම් හමුදාවේ භටපිරිස් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමුහ.

    එම ගෞරවාචාර වලින් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මොස්කව් ක්‍රෙම්ලිනයේ ඇලෙක්සැන්ඩ්‍රොව්ස්කි උද්‍යානයේ (Alexandrovsky Garden of Moscow Kremlin) පිහිටි ‘Tomb of the Unknown Soldier’ රුසියානු රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කළේය.

    රුසියානු හමුදාවේ විරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමෙන් අනතුරුව නිරන්තරයෙන් ජනාකිර්ණ හා කාර්යබහුල මොස්කව් නුවර ශාන්ත පරිසරයක පිහිටි අවි ආයුධ කෞතුකාගාරය නැරඹීමට ද ආරාධනා ලැබීය.

    ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රුසියාවේ සංචාරය අතරතුර මොස්කව් නුවර පිහිටි උසස් ඒකාබද්ධ යුද අණදෙන පාසල (Higher Combined Arms Command School) හි සේනාංවිධායක මේජර් ජෙනරාල් රෝමන් බින්යුකොව් (Major General Roman Binyukov), නාරෝ-ෆොමින්ස්ක් (Naro-Fominsk) ප්‍රදේශයේ පිහිටි 4 වන ආරක්‍ෂක සන්නද්ධ රථ සේනාංකයේ (Guards Tank Division) සේනාංකාධිපති සහ මිහයිලොව්ස්කායා (Mikhailovskaya) පිහිටි හමුදා කාලතුවක්කු විද්‍යාපීඨය (Military Artillery Academy) හි සේනාවිධායක ද හමුවීමට නියමිතය.

    රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) 2020 වර්ෂයේ පෙබරවාරි මස ශ්‍රී ලංකාවේ සිදුකල සංචාරය අතරතුර රුසියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත විවෘත ආරාධනාවක් කළේය. කෙසේ වුවද, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලෙස ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා වගකීම් සහිත කාර්යභාරයක් ඉටු කිරීම හේතුවෙන් රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානි විසින් සිදුකල ආරාධනය පසුවට කල්දැමීම සිදුවිය.
    SL Army

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya