මෙහිදි ශ්‍රි ලංකාවේ ප්‍රවාහන කේෂත්‍රයට අදාළව විශේෂයෙන්ම දුම්රිය සේවාවේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. දැනට ඉන්දීය ණය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබදව අමාත්‍යවරිය විසින් ඉන්දිය මහකොමසාරිස්වරයා දැනුවත් කරන ලදි.
මෙහිදි මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා කරුණු දක්වමින් කියා සිටියේ ඉන්දියානු දුම්රිය සේවාව 1850 වසරේදි ආරම්භ කර ඇති බවත්, මේ වන විට ලොව තිබෙන දියුණුම තාක්ෂණය ඉන්දියානු දුම්රිය සේවය සඳහා යොදාගෙන ඇති බවත් ය. එමෙන්ම එම තාක්ෂණය ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය නගා සිටුවීම සඳහා ඔිනෑම මෙහොතක ලබාදීමට ඉන්දියානු රජය සුදානම් බව මහකොමසාරිස්වරයා අවධාරණය කලේ ය.
විශේෂයෙන්ම ශ්‍රි ලංකාව තුල දැනට ඉන්දියානු දුම්රිය එන්ජින් හා මැදිරි වැඩි ප්‍රමාණයක් ධාවනයට යොදා ගන්නා බවත්, එම නිසා ශ්‍රි ලංකාවේ දුම්රිය එන්ජින් රියදුරන් හට ඉන්දීය දුම්රිය රියදුරු පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබා දීමටත් මෙහිදි ඉන්දීය මහකොමසාරිස්වරයා එකගතාවය පල කරන ලදි.
මෙහිදි කරුණු දක්වමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ : තමා සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන කාලය තුලදි ඉන්දියානු රජය ලබා දුන් සහයෝගය ඉතා අගය කරන බවයි. එමෙන්ම ශ්‍රි ලංකාව හා ඉන්දියාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය මත ඉන්දියානු රජයෙන් ශ්‍රි ලංකාවට නිරතුරුව ලබා දෙන සහයෝගයට වත්මන් රජයේ අමාත්‍යවරයකු ලෙස තමා ඉන්දියානු රජයට කෘතවේදිත්වය පුද කරන බවයි. එම නිසා ඉදිරියේදි ශ්‍රි ලංකාව තුල සිදු කිරීමට බලාපොරොත්තුවන ප්‍රවාහන සේවාවේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියානු රජයේ සහයෝගය තවදුරටත් බලාපොරාත්තු වන බවද පැවසීය.