මංතීරු 2 කින් යුක්තව මීටර් 80 ක දිගින් ඉදිකරන මෙම පාලම සදහා රුපියල් ලක්ෂ 4300 ක් ( කෝටි 43 ) ක් වැය කෙරේ.
අබලන්ව පැවති මෙම පාලම කොළොන්නාව සහ කෝට්ටේ ආසන සම්බන්ධ කරන පාලමයි. මෙම පාලම තනි මංතීරුවකට සකස් කර තිබූ අතර එහි දිනකට වාහන 15,000 ක් පමණ මෙම මාර්ගයේ ගමන් කරන නිසා දැඩි වාහන තදබදයකින් යුක්ත විය. මෙම තදබදය හේතුවෙන් රාජගිරිය හරහා කොළඹට පැමිණෙන ජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත්ව තිබිණි. මෙම පාලම ඉදිකිරීම දේශීය අරමුදල් මඟින් සිදු කරන අතර කොන්ත්‍රාත් කාලය මාස 18 කි. නමුත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙම කොන්ත්‍රාත් කාලය මාස 12 දක්වා අඩු කරන ලෙසට ඉල්ලීමක් කළේය.
මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ යන මහත්වරුන් සහභාගී විය.