පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    විදුලිය සිහිනයක් වූ ගම්මාන තුනක සිහිනි සැබෑ කරමින් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය

    ඔක්තෝබර් 29, 2021

    පරම්පරා ගණනක් අඳුරේ සිටි ජීවිත අලෝකමත් කරමින් පුනර්ජනනීය බලශක්තිය මඟින් මිනිපේ මැද කැලේ, උඩගල දෙබොක්ක හා ගල මුදුන ගම්මානයට විදුලිය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

    මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මැද කැලේ, උඩගල දෙබොක්ක හා ගලමුදුන ගම්මාන සූර්ය බල සුලං, ජල විදුලි ජනන සංවර්ධන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍යය අමාත්‍යයවරයාගේ නිරීක්ෂණයට ලක් විය. විදුලි බලය රැහැන් හරහා විශාල දුරක් රැගෙන යාමට විශාල මුදලක් වැය වීම හේතුවෙන් පදිංචි දිනයේ සිට තම ගම්මානයට විදුලිය නොලැබුණු බව ගම්වාසීන් එහිදී පැවසීය.ඒ අනුව අමාත්‍යයවරයා පසුගිය පෙබරවාරී 13 වැනි දින සිදු කළ සංචාරයේදී එම ගම්මානයේ ජනතාවට විදුලිය ලබා දීමට පොරොන්දු විය.ඒ අනුව ඔවුන්ගේ සිහිනය මල් ඵල ගැන්වීමේ ක්‍රියාවලිය නුදුරේදීම ආරම්භ වීමට නියමිතය.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා;

    අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රථිපත්ති ප්‍රකාශනයට අනුව රජයක් විදිහට අපි තීන්දුවක් ගත්තා, මේ වසර වන විට සියලුම දෙනා වෙනුවෙන් විදුලිය ලබා දීලා අවසන් කරන්න ඒ අනුව අපි මේ වන විට සමෘද්ධිලාභීන් සඳහා හා අඩු ආදායම්ලාභීන් සඳහා නොමිලේ විදුලි සම්බන්ධතාව ලබා දෙනවා, ඒ වගේම අපේ ප්‍රථිපත්තිය වෙලා තියෙන්නේ සෑම නිවසකම ඉදිරියේ විදුලිය ගෙනහින් දෙන්න.ඒ වගේම මේ කාළය තුළ අපි දැක්ක එක කාරණයක් තමයි සාමාන්‍යයෙන් විදුලිය ගෙනයන්න බැරි විශාල දුර ප්‍රමාණයක් සඳහා විශාල මුදලක් වැය වෙන යෝජනා ක්‍රම කීපයක් තිබුණා, එවැනි ගම් තුනක් අපිට හඳුනා ගන්න ලැබුණා, මිනිපේ මැදකැලේ, උඩගල් දෙබොක්ක, ගලමුදුන යන ගම්මාන තුනේ පවුල් 88 ක් පමණ ජීවත් වෙනවා.

    මේ පවුල් 88, දිනපතා කිලෝ මීටර 25-30 ක් උදේ පහලට බැහැලා, හවසට උඩට නගිනවා.දරුවෝ පාසල් යන්නෙත් ඒ වගේ තමයි.මේ සඳහා විදුලිය ලබා දෙන්න විශාල මුදලක් වැය වෙනවා.ඒ අනුව අපි තීන්දුවක් ගත්තා පුනර්ජනනීය බලශක්තිය මගින් මේ ගම් තුනට විදුලිය ලබා දෙන්න, ඒ අනුව අපි රුපියල් මිලියන 56.5 ක් වෙන් කරලා, ඒ අයට සූර්ය බලයෙන් විදුලිය ලබා දෙන්න අවශ්‍යය කටයුතු කරලා තියෙනවා.ඒ වැඩසටහන අපි ටෙන්ඩර් කරලා ඒ කොන්ත්‍රාත්කරුවන්ට ලබා දී තිබෙනවා.ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා, ඉතාමත් කෙටි කාළයක් තුළ මේ අයගේ පරම්පරා ගණනක් අඳුරේ හිටපු ජීවිත අලෝකමත් කරන්න.අපි ඉතාමත් සතුටු වෙනවා අමාත්‍යංශයක් විදිහට පුනර්ජනනීය බලශක්තිය හරහා ඒ අයගේ ජීවිත ආලෝකමත් කරන්නත්, ඒ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවන්න රුකලක් වීමට ලැබීම පිළිබඳවත් අපි ඉතාමත් සතුටු වෙනවා ''යැයි පැවසීය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya