පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලාංකික මොඩලයකට ප්‍රාථමික සෞඛ්‍ය නැංවීමට සැලසුමක්

    ඔක්තෝබර් 29, 2021

    ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ඵලදායි ලෙස සංවර්ධනය කිරීමට අනන්‍ය වූ වැඩපිළිවෙලක් සැකසීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් මූලික සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී පවත්වන ලදි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය ඇතුළු නිලධාරීන් සමග මෙම මූලික සාකච්ඡාව පැවැත්වූ අතර ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශ්‍රී ලාංකික මොඩලයකට ගැලපිය හැකි අයුරින් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව මෙහිදී අමාත්‍යවරිය පෙන්වා දෙන ලදි.

    ලෝක බැංකු ආධාර සහිතව දැනට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ව්‍යාපෘතිය තවදුරටත් සංවර්ධනය කර තිරසාර සෞඛ්‍ය ආකෘතියකට (Sustainable Health Model) යායුතු බව අමාත්‍යවරිය වැඩිදුරටත් මෙහිදී සදහන් කරන ලදි.

    නීරෝගී සෞඛ්‍ය වෙනුවෙන් රෝග හදුනාගැනීම, රෝග වැළැක්වීම සදහා බෝ නොවන රෝග (NCD) පමණක් නොව සමස්ථ සෞඛ්‍යම ආමන්ත්‍රණය වන වැඩපිළිවෙලකට සැලසුම සකස්විය යුතු අතර රෝගී සත්කාර සදහා රෝගියා රෝහලට යනවා වෙනුවට වෛද්‍යවරයා ගමට යන වැඩපිළිවෙලකට සැලැස්ම සකස් කිරීම කෙරෙහි මෙහිදී සාකච්ඡා විය. දැනට ක්‍රියාතමක වන පවුලක දරුවා සහ මවගේ සෞඛ්‍ය කෙරෙහි ඉලක්කගතවී ඇති සේවාව සමස්ථ පවුලම කෙරෙහි යොමු කෙරෙන වැඩපිළිවෙලකට යාමත්, ඒ සමගම පර්යේෂණ සහ සංවර්ධන ඒකකයන් (R&D) සමග ඒකාබද්ධව දිගුකාළීන සුපරීක්ෂණයකට යායුතු බව අවධාරණය විය.

    සැලසුම සකස් කිරීමේදී සුවිශේෂී ක්ෂේත්‍ර ආමන්ත්‍රණය වන පරිදි පාසල මෙන්ම ගම මූලික කරගත් වැඩසටහනකටත් යායුතු අතර පාසල් තුළ ආපන ශාලා, පාසලේ ගෙවතු වගාව, ග්‍රාමීය ගෙවතු වගාවද ඒකරාශී කරගත හැකි අයුරින් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු විය. සෑම ගමක්ම ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට සැලසුම් කෙරෙන අතර මූලික අදියරේ මොඩල් ගම් 100ක් සකස් කිරීමට යෝජනා විය. සැලැස්මේ අවධානය යොමුකල යුතු තැන් හදුනාගත යුතු කරුණු කෙරෙහි තාක්ෂණික ප්‍රවේශයක් වෙත යොමුවීමට වැඩමුළුවක් සංවිධානය කිරීමට තීරණය කරන ලදි.

    මෙම අවස්ථාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, එහි ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු, සහකාර ලේකම් නවීන් ද සොයිසා, වෛද්‍ය නලින්ද හේරත්, වෛද්‍ය ටී.ඩී.වික්‍රමසේකර, වෛද්‍ය අන්වර් හම්ඩානි ඇතුළු පිරිසක් එක්විය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya