ඒ සදහා එකගතා ගිවිසුම අත්සන් කිරීම හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය වෙනුවෙන් චීනයේ HIPG සමාගමත්, ලංවා සංස්ථා සිමෙන්ති සමාගමත් අතර වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි .
මෙහි මුල් අදියරේ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 80 ක් වන අතර, එහි නිෂ්පාදන ධාරිතාව වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2.4 ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තුගත කර ඇත.
මෙහි දෙවනි අදියර යටතේ තවත් ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආයෝජනයක් මගින් නිෂ්පාදන ධාරිතාව තවත් මෙට්‍රික් ටොන් මිලියන 1.2 කින් ඉහළ නංවනු ඇත.
ශ්‍රී ලංකාවෙන් බිහි වූ කීර්තිමත්ම ව්‍යවසායකයෙකු වන ලංවා සංස්ථා සිමෙන්ති සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මැතිතුමන්ගේ ආයෝජනයක් ලෙසින් ඇරඹෙන මෙය මෙරට ප්‍රථම පරිසර හිතකාමී සහ අති නවීන තාක්ෂණයෙන් හෙබි සිමෙන්ති කර්මාන්ත ශාලාව වන අතර අපේ රට තුලම නිපදවෙන සිමෙන්ති හරහා කොළඹ වරාය නගරය, අධිවේගී මාර්ග ඇතුළුව සියලුම ප්‍රධාන පෙළේ ඉදකිරීම් ව්‍යාපෘති සඳහාද, පාරිභෝගිකයින්ටද අවශ්‍ය සිමෙන්ති සැපයීමට ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්ත ශාලාව ඉදිරියේදී සමත් වනු ඇතැයි අපේක්ෂා කෙරයි.
මෙම අවස්ථාවට ලංවා සංස්ථා සිමෙන්ති සමාගමේ සභාපති හා හම්බන්තොට වරාය HIPG සමාගමේ ප්‍රධානීන් හා නාවික අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී.ජයලාල් මහතා හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උපසභාපති ආචාර්ය ප්‍රසාන්ත ජයමාන්න මහතා ඇතුළු නිළධාරීන් සහභාගී විය.