පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 50 වන ශාඛාව ජනතා අයිතියට

    ඔක්තෝබර් 31, 2021

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 50 වන ශාඛාව අංක 1 දෙවන පියවර, බස්නැවතුම්පොළ, හොරණ දී   (30) දින ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා හා ජාතික උරුමය ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය විදුර වික්‍රමනායක මහතා යන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් විවෘත කරන ලදී.

    ගුණාත්මක බවින් ඉහළ ඖෂධ සාධාරණ මිලට ජනතාවට ලබාදීමේ ප්‍රමුඛයා වන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) වන අතර, විවෘත කරනු ලැබුවේ එහි 50 වන ශාඛාවයි.

    එසේම කොවිඩ් 19 වසංගතය මර්දනය පිණිස එන්නත්කරණ ජාතික වැඩසටහනට අවශ්‍ය එන්නත් කඩිනමින් මිලදී ගැනීමත්, එය කඩිනමින් ජනතාවට ලබා දීමටත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රමුක කාර්ය මණ්ඩලය සුවිශේෂී කාර්යබාරයක් ඉටුකළ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

    මෙම උත්සව අවස්ථාවට හොරණ නගරාධිපති,ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයින්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සාමාන්‍ය අධිකාරි දිනුෂ දසනායක මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya