ඔහු මේ බව පැවසුවේ අද (01) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති කොවිඩ් පිළිබද මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මෙම සතිය තුළ එන්නත්කරණය සදහා සියලුම ඉලක්කගත දරුවන්ගේ ප්‍රමාණය සම්පූර්ණ කරගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු අවධාරණය කළේය.
පසුගිය සති 03ක කාලය තුළ 500ත් 700ත් අතර ප්‍රමාණයකට දෛනිකව රෝගීන් වාර්තා වන බවද, එහි සම්පූර්ණ අඩුවක් නොදුටු අතර වසංගත රෝග විද්‍යා ඒකකය දිනපතා සිදුකරන ආවේක්ෂණ හේතුකොටගෙන ඉදිරියට රෝගීන් වාර්තා වීම අඩු වනු ඇතිද වැඩි වනු ඇතිද යන්න තව දින කිහිපයකින් දැනගත හැකි බවද වෛද්‍යවරයා කියා සිටියේය.
සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම සදහා අප සියලුමදෙනා කොවිඩ් වළක්වාගැනීමේ උපක්‍රම ජීවිතයේම කොටසක් කරගත යුතු බවද ඔහු සදහන් කළේය.
ප්‍රභේදය කුමක් වුවද වෛරසය පැතිරීම වළක්වාගැනීම වැදගත් බවද, ඒ පිළිබදව අපි සාර්ථක මට්ටමක පසුවන බවද සදහන් කළ වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එන්නත්කරණය සාර්ථක අවස්ථාවක රෝගීන් වාර්තා වීමද අඩුවී ඇති බවයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබාදීමේදී සති දෙකෙන් දෙකට තත්ත්වය සලකා බලා දැඩි කිරීම් හෝ ලිහිල් කිරීම් සිදුකරන බවද මෙම අවස්ථාවේදී ජනතාව පොදු ප්‍රවාහනය භාවිතා කිරීමේදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතාම වැදගත් බවද විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේය