විශේෂයෙන් මේ වන විට එවැනි එන්නත් වැඩපිළිවෙලකට යොමුව ඇත්තේ ලොව රටවල් දෙක තුනක් පමණක් යැයිද අමාත්‍යවරයා කීය.
බූස්ටර් එන්නත මෙරට ජනතාවට ලබා දීම (01) ආරම්භ කිරීම නිමිත්තෙන් අමාත්‍යවරයා මේ බව පෙන්වා දෙයි.
මෙහි පළමු පියවර යටතේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා මෙම එන්නත ලබා දෙන අතර එයට අමතරව ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක නිලධාරින් හා කොවිඩ් පාලන ක්‍රියාවලියේ ඉදිරිපෙළ පිරිස් සඳහා එන්නත්කරණය සිදු කෙරේ.
කොළඹ රිජ්වේ අර්යා ළමා රෝහල ඇතුළු ස්ථාන කිහිපයකදී අද මෙම වැඩපිළිවෙළ නිල වශයෙන් ආරම්භ කෙරිණි.
මෙරට සමස්ත ජනගහනයෙන් 70% මේ වනවිට එන්නත්කරණයට ලක් කර ඇතැයිද අවුරුදු 30 ඉක්මවූ සියලු පිරිස් සඳහා එන්නත් ලබා දී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
විවිධ සංකූලතා සහිත දරුවනට මෙන්ම අවුරුදු 12,15,18,19 වයස්හි දරුවනට එන්නත ලබා ලබා දෙන අතරම ඉදිරියේදී උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ යැයිද ඒ මහතා පවසයි.
පාසැල් මට්ටමේ සියලු දරුවනට හැකි ඉක්මනින් එන්නත්කරණය සිදුකර අවසන් කිරිමට බලාපොරොත්තු වන්නේ යැයිද විශේෂයෙන් මෙරට එන්නත්කරණය පිළිබඳව රටෙහි සමස්ත ජනතාවටම නිහතමානීව සතුටු විය හැකියැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙසේද කීය .
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවැත්වූ සාකච්ඡාවේදී පැහැදිලි තීන්දුවක් ගනු ලැබුවා නොවැම්බර් 01 දා සිට බූස්ටර් එන්නත ලබාදීම පිළිබඳව
එම එන්නත ලබාදීමේදී ප්‍රමුඛත්වය ලබාදෙන කණ්ඩායම් හැටියට, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු අයටත් එයට සහයෝගය ලබාදෙන ත්‍රිවිධ හමුදාවේ සියළුම පිරිස් වෙතත් , සංචාරක ව්‍යාපාරයේ යෙදෙන අය පිළිබදව අවධානය යොමු කරමින් සංචාරක ව්‍යාපාරයේ කණ්ඩායම්වලටත්, රටේ මුලීක ආදායම් මාර්ග
හැටියට විදේශ විනිමය ලබාදීමේ ක්ෂේත්‍රයේ සිටින එම සියලු දෙනාටත් ක්‍රමානුකූලව ඉතිරි කණ්ඩායම්වලටත් අපි එම වැඩපිළවෙල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.
එම එන්නත ලබාදීමේදී ත්‍රිවිධ හමුදාවේ කාර්ය මණ්ඩල සදහා ඒ ඒ අයතනයන් තුළම එන්නත ලබාදීමටත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අය වෙනුවෙන් සියලු සෞඛ්‍ය අංශ වලදීත්, අනෙකුත් පිරිස් වෙත ප්‍රමුඛත්වය අනූව එම ආයතනවලදිම හැකි පමණ එන්නත ලබාදීමේ වැඩපිළීවෙල ආරම්භ කෙරෙනවා.
එන්නත්කරණ වැඩපිළීවෙලට සහයෝගය ලබාදුන් සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ඇතුළු සියලු දෙනාටම ලබාදුන් සහයෝගය වෙනුවෙන් ප්‍රණාමය පුද කෙරෙනවා.