පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    යල කන්නයේ අස්වැන්නේ අග්‍ර කොටස දළදා සමිඳුන්ට පූජා කරති

    නොවැම්බර් 02, 2021

    යල කන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්‍ර කොටස දළදා සමිඳු වෙත පූජා කිරීමේ පින්බර අරමුණින් සංවිධානය කරනු ලබන "සිරි දළදා යල් අස්වනු පූජාව" (නොවැ.01) මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී සිදු කෙරිණ.

    ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය සහ වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය ඇතුළු තවත් අංශ කිහිපයක් එක්ව සංවිධානය කරනු ලබන මෙම යල් අස්වනු පූජාව පැවැත්වූයේ 6 වෙනි වරටයි.

    දළදා සමිඳුන් උදෙසා කිරි ආහාර පූජාවක් පවත්වා අනතුරුව අළුත් සහල්, ධාන්‍ය සහ රන් වී කරල් රැගත් ගොවීන් පෙරහැරෙන් ගොස් දළදා සමිදුන් ඉදිරියේදී අලුත් සහල් පූජාව පවත්වන ලදී. ඈත අතීතතයේ සිට පැවත එන යල් කන්නයේ අළුත් සහල් දළදා සමිඳුන්ට පුජා කිරීමේ සෙත්කම යලි ජන ගතකිරීමක් ලෙස මෙම යල් අස්වනු පූජාව හැඳින්විය හැකියි.

    මල්වතු අස්ගිරි පාර්ශවයන් හි මහ නාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි දියවඩන නිලමේතුමන්ගේ මඟපෙන්වීමෙන් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රවාහන හා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා, ග්‍රාමීය කුඹුරු හා වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා, වාරිමාර්ග කළමණාකරන අංශයේ අධ්‍යක්‍ෂ තුමන් සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා ඇතුළු ගොවි සංවිධාන රැසක ගොවීන් මේ අවස්ථාව සඳහා සහභාගි වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya