දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ජන්ම දිනය අදට ( 02) යෙදී තිබෙන අතර එය නිමිති කරගනිමින් වසවිසෙන් තොර දේශීය ආහාර රටාවකට ජනතාව හුරු කරවීමේ අරමුණෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සහ වත්තල ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ ඉදිකළ පෝෂණ මන්දිරය ජනතා අයිතියට පත්කිරීම දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින සිදුකිරීමට නියමිතය.
දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය මගින් නිරෝගී ශක්තිමත් ජනතාවක් දේශයට උරුම කරලීම උදෙසා වසවිසෙන් තොර ඖෂධීය ගුණයෙන් පිරිපුන් දේශීය ආහාර, ඖෂධීය කැද වර්ග, දේශීය ධාන්‍ය වර්ග, අල වර්ග සදහා ජනතාව නැඹුරු කරලීම තුළින් බෝවන සහ බෝ නොවන රෝග වලට ජනතාව ගොදුරු වීම වළක්වා ජනතාවගේ දීර්ඝායුෂ වෙනුවෙන් ප්‍රතිශක්තිය වර්ධනය කර රෝග නිවාරණ වැඩපිළිවෙලක් ලෙස මෙම පෝෂණ මන්දිරය ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.