ඒ මහතා මේ බව කියා සිටියේ, මෙරට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) නෙලුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පස්වන ජාතික මහා සම්මේලනය අමතමිනි.
තවමත් ළදරු දේශපාලන පක්ෂයක් වූ නමුත් මෙහි ශක්තිය වන්නේ මෙරට ජනතාව සහ පක්ෂයේ පරමාදර්ශී නායකයා වන වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බවත් අමාත්‍යවරයා විසින් මෙහි දී කියා සිටියේය.
ඒ අනුව, ඉදිරියේ දී දේශපාලන ශක්තිය ලබා ගන්නවා මෙන්ම,එම දේශපාලන ජයග්‍රහණ මෙරට ජනතාවගේ විශේෂයෙන් මතු පරපුරේ උන්නතිය උදෙසා යෙදවීමට කටයුතු කරන බව හෙතෙම කියා සිටින ලදුව, පක්ෂයක් ලෙස ඉදිරියටත් අවංකව සියලු දෙනා සමඟ සහයෝගයෙන් යුතුව රට වෙනුවෙන් කටයුතු කරන බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වනාහි කිසිඳු දේශපාලනමය වශයෙන් හෝ පක්ෂ, වර්ණ, ජාති, ආගම්, කුල භේදයන් ගෙන් තොරව කටයුතු කරන පක්ෂයක් බවත් කියා සිටියේය.
එමෙන්ම, පක්ෂය ගොඩනැඟීම සඳහා අතහිත දුන් ආගමික හා අන්‍යාගමික පුජකවරුන් මෙන්ම සියලු දෙනා හට තම ස්තුතිය පුද කර සිටින බව ද, ඉදිරියටත් එකාවන්ව හින්ද පැමිණෙන අභියෝගයන්ට මුහුණ දීමට කටයුතු කල යුතු බව ද හෙතෙම මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.
මෙම ජාතික සම්මේලනය සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගතවෙමින් පැවති අතර සීමිත ආරාධිත පිරිසකගෙන් යුතුව පැවැත්වීමට කටයුතු සම්පාදනය කොට තිබුණු අතර නමේ සඳහා ගෞරවනීය පුජ්‍ය පක්ෂය සහ අන්‍යාගමික පුජකවරුඋන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධව සිටින සහෝදර දේශපාලන පක්ෂවල නියෝජිතවරුන් සහ අනිකුත් ආරාධිත අමුත්තන් බොහෝ පිරිසක් සහභාගී වූහ.