පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    දේශීය කඨින චීවරය පූජාකිරීමේ ජාතික මහෝත්සවය නොවැම්බර් 14 වනදා

    නොවැම්බර් 02, 2021

    අටපිරිකර ඇතුළු පූජා භාණ්ඩ දේශියව නිෂ්පාදනය කිරීමේ මූලික පියවරක් වශයෙන් දේශීය අත්යන්ත්‍ර භාවිතයෙන් සැකසූ කඨින චීවරය පූජා කිරීමේ ජාතික මහෝත්සවය එළඹෙන 14 වනදා සිදුකරන බව පඩුවස්නුවර කොළඹගම මියුගුණාරාම රජමහා විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය ගල්ලැහැ පිටියේ පේමරතන හිමි කියා සිටියේය.

    උන්වහන්සේ මේ බන පැවසුවේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මෙම දේශීය කඨින චීවරය පූජාකිරීමේ ජාතික මහෝත්සවය පිළිබදව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අදහසකට අනූව රාජ්‍ය කඨින සංකල්පය බිහිවූ බවද, ඒ අනූව පසුගිය වසරේ ප්‍රථම රාජ්‍ය කඨින උත්සවය සෝමාවතී මහසෑ පරිශ්‍රයේදී ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් සිදුකළ බවද උන්වහන්සේ සිහිපත් කළේය.

    මෙවර රාජ්‍ය මහා කඨින උත්සවය සදහා ඊයේ සම්භාවනීය සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් ඉතාමත් සුභ මුහුර්තියෙන් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ කොළඹගම රජමහා විහාර පෝය සීමා මන්දිරයේදී දයාසිරි ජයසේකර ඇමතිතුමාගේ සහභාගීත්වයෙන් සහ ආරාධනය තුළ වයඹ පළාත් ආණ්ඩුකාරතුමන්, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා ඇතුළු දේශපාලඥයින් රාජ්‍ය නිලධාරීන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්තුමන් ප්‍රමුඛ අමාත්‍යංශ පින්වතුන්ගේ සහභාගීත්වයෙන් කඨින වස්ත්‍රය සකස් කිරීම ආරම්භ කළ බව ස්වාමීන්වහන්සේ පැවසුවේය.

    පුරා දින 07ක් ඒ බිමෙහි කඨින වස්ත්‍රය සකස් කර 13 වන දින සර්ව රාත්‍රික වශයෙන් සුවිශේෂී රන්සිරි ගෙයක තැන්පත් කර රථ පෙරහැරකින් කඨින වස්ත්‍රය වීදි සංචාරය කරන බවද, 14 වනදා හිමිදිරි පාන්දර කොළඹ මහා රජමහා විහාරයට වැඩමවා විනයානුකූල චීවරයක් බවට පත්කිරීම සදහා මහා සංඝරත්නයට මෙම චීවරය භාරදීමට නියමිත බවද පැවසුවේය.

    ඉන් අනතුරුව චීවරය සකස් කර දායක පින්වතුන්ට භාර කළ පසු පෙරවරු 10.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සැදැහැවතුන්ගේ දායකත්වයෙන් පුරාණ සිරිතට අනූව පඩු පෙවීම් සිදුකර දහවල් දානයෙන් අනතුරුව කඨින චීවරය සගසතු කොට පූජා කරන බවද ඒ සමගම සදේවක ලෝකයාට පින්දී ජාතියට සෙත්පතා රාජ්‍ය පුණ්‍ය මහෝත්සවය නිමාවට පත්වන බවද උන්වහන්සේ සදහන් කළේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya