ඔහු මේ බව කියා සිටියේ, අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මෙම දේශීය කඨින චීවරය පූජාකිරීමේ ජාතික මහෝත්සවය පිළිබදව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
එදවස අප රටෙහි දෙවන පරාක්‍රමබාහු රජුගේ කාලය තුළ කපු වවා, කපු කටිමින් එයින් සාදාගත් නූල් වලින් සිවුරු වියා එදා වස්සාන සමය අවසන් වන විට විශාල පෙරහැරකින් සිවුර වඩම්මවා පඩුපොවා ගෞරවනීය ස්වාමීන්වහන්සේලාට ගෞරවයක් වශයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් රජු ඉදිරිපත්වී එදවස පූජා කළ බව අමාත්‍යවරයා සිහිපත් කළේය.
කාලයත් සමග බෞද්ධ ශිෂ්ඨාචාරය සහ බෞද්ධ සාරධර්ම අපරටෙන් ගිලිහී යන කාලයක මෙය ගිලිහී ගිය බවද නැවත මෙය පණගැන්වීම තුළ කාරණා දෙකක් ළගාකරගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසුවේය.
පළමු කරුණ නම් හැම ප්‍රදේශයකම ඇති පේෂ කර්මාන්ත මධ්‍යස්ථාන තුළ සෑම වසරකම එම ප්‍රදේශයේ කඨින සිවුර විවීමේ ක්‍රියාවලිය තුළ විශාල උද්දීපනයක් එම ප්‍රදේශයේ පේෂකර්මාන්ත පාසල් වලට නැවත ලැබීම බවද ඔහු පැවසුවේය.
ඉන් දෙවනි කරුණ ලෙස අමාත්‍යවරයා සදහන් කළේ විහාරස්ථානය මූලික කරගත් වස්සාන සමය අවසන් වන වැඩපිළිවෙල තුළ කඨින මහා පිංකමත් සමග අලුත් ප්‍රබෝධයක් ගමේ තරුණ ප්‍රජාව තුළ ඇතිවෙමින් ගමේ තරුණයන්ගේ අලුත් වැඩසටහනක් වශයෙන් කඨින මහා පිංකම ඉදිරියට යන බවයි.
මෙතෙක් තායිලන්ත සිවුරක් ගෙන්වා මහා සංඝරත්නයට පූජා කරමින් සිදුකළ කඨින චීවර පූජාවට නව අරුතක් එකතු කරමින් සිදුකරන මෙම කටයුත්තේදී පැහැදිලි වශයෙන් ස්වාභාවික වර්ණයන්ගෙන් වර්ණගන්වන අතර මෙමගින් පේෂ කර්මය දියුණු වීම, සාරධර්ම වැඩිදියුණු වීම, තරුණ ප්‍රජාව මේ කෙරෙහි නැඹුරු වීම සිදුවීම තුළින් විහාරස්ථාන ආශ්‍රිතව නව සංස්කෘතියක් ගොඩනැගෙන බවද ඔහු අවධාරණය කළේය.