මෙය අදියර 05 ක් යටතේ 50 % ක් ක්‍රියාත්මක කිරීමටත්, පළමු අවුරුදු 02 සඳහා ආයෝජන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බවත්, අමාත්‍යවරයා පෙන්වා දෙයි .මෙහි මුල් අදියර සඳහා ඇමරිකානු ඩොලර් මිලියනයක්ද, දෙවන අදියරට ඇමරිකානු ඩොලර් මිලියන 05 ක්ද, නැවත ඇමරිකානු ඩොලර් මිලියන 10 ක්ද ආදී වශයෙන් මේ සඳහා ආයෝජන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍යවරයා පවසයි.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී හෙතෙම මේ බව කීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මෙම හමුව පැවැත්විණී.
මේ වන විටත් ඖෂධ නිෂ්පාදනය සඳහා පියවර ගෙන ඇතැයිද, ඒ අනුව සේලයින් නිෂ්පාදනය රට තුළ සිදු කෙරෙන්නේ යැයිද අමාත්‍යවරයා පැවසීය. විශේෂයෙන් වෙළඳ කලාප මට්ටමින් ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කිරීම ඉතා ඵලදායී මෙන්ම ලාභදායී බවත්, මේ සඳහා යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීමද වඩාත් සාර්ථක වන බවත්, රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේය.
මේ වන විට බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ මෙන්ම එන්නත්කරණ ක්‍රියාවලියේ ඉහළ සාධනීයත්වයක් පෙන්නුම් කරන බවත්, එමෙන්ම ළමුන්ගේ එන්නත්කරණයද රට තුළ සාර්ථක වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවැසිය.
විශේෂයෙන් මෙරට ක්‍රියාත්මක කළ ගෘහස්ථ කොවිඩ් ප්‍රතිකාර ක්‍රමය සාර්ථක වූ බවද එලෙස ප්‍රතිකාර සඳහා යොමු කෙරුණු පිරිසෙන් 1.4% ක් පමණක් රෝහල් ගත කෙරුණු බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. විශේෂයෙන් වසංගතයේ උච්චතම අවස්ථාවේ රජය ගනු ලැබූ එම තීරණය වඩාත් සාර්ථක බව පෙන්නුම් කෙරුණු බවත්, එමගින් රෝහල්හි ඇතිවිය හැකි අනවශ්‍ය තදබදය මගහැරුණු බවත් අමාත්‍යවරයා ඉන්දියානු මහ කොමසාරිස්වරයා හමුවේ පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා - කොවිඩ් වසංගතය හේතුවෙන් මාස 19 ක් තිස්සේ වසා දැමුණූ ඉන්දියානු පාසල් ඊයේ දින ආරම්භ කෙරුණු බව පැවසීය.
ඉන්දියානු පාසල් ළමුන්ගේ එන්නත්කරණය එරට මෙතෙක් සිදු නොකළ බවත්, එම එන්නත්කරණය පිළිබඳව සලකා බලමින් සිටින බවත් හෙතෙම කීය. මේ වන විට ඉන්දියානු ජනගහනයෙන් 50% ට එන්නත්කරණය සිදු කර අවසන් බවද මහ කොමසාරිස්වරයා කීය.
විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ ඖෂධ කර්මාන්ත ආරම්භ කිරීමට එරට ආයෝජකයන්, ඖෂධ කර්මාන්තකරුවන් සූදානම් බවත් එමගින් ඖෂධ වෙළඳපොළ ජයගත හැකි බවත් හෙතෙම වැඩිදුරටත් කීය.